Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Monday, November 3, 2014

පිටසක්වල ජීවින් CIA එකෙන් අල්ලයි



  පිට සක්‌වල ජීවීන් සිටින බව සහ එම ජීවීන් පෘථිවියට යනෙන බවට කියෑවෙන කතන්දරවල වයස අඩුම ගණනේ වසර 10000 කි. ගගණගාමීන් වැනි මිනිසුන්ගේ චිත්‍ර සහිත ලෙන් ලොව පුරා රටවල් රැසක තිබේ. 


මේ චිත්‍ර වසර දහස්‌ ගණනක්‌ පැරැණි බව සොයාගෙන ඇත. වෙනකක්‌ තබා දෙවියන් යනු අහසින් ගමන් කරන පිටසක්‌වල ජීවීන් බව ද විශ්වාස කරන්නෝ වෙති. කොටින්ම සමහර විද්වතුන්ගේ මතය වන්නේ මනුෂ්‍යයා ද ගෙඩිය පිටින්ම පිටසක්‌වලින් පැමිණි බවය. ඩාවින්ගේ පරිණාමවාදයේ මනුෂ්‍ය පරිණාමය පිළිබඳ කතාවේ එක හිස්‌ තැනක්‌ ඇත. මේ හිස්‌ තැන පිරවීම සඳහා අවශ්‍ය පොසිල සාක්‍ෂි තවමත් හමු වී නැත. ඒ හිස්‌ තැනින් එහා සිටින්නේ අංග සම්පූර්ණ මිනිසාය. 

මෙය පදනම් කරගෙන, මනුෂ්‍යයා වානරායාගෙන් පැවත නොඑන බවත්, වානරයා පරිණාමයේ වෙනම ගමනක්‌ යන අතර මිනිසා මිනිසා ලෙසම මෙලොවට පැමිණ ශිෂ්ඨාචාරය දිගේ වෙනම ගමනක්‌ ගිය බවටත් මතයක්‌ පවතී. ඇමරිකානු පුවත්පත් කලාවේදියකු වන රොබට්‌ ස්‌ටැන්ලි විසින් ලියන ලද Covert Encounters in Washingon D. C. (වොෂින්ටන් ඩී. සී නගරයේදී ඇති වූ අහඹු මුණ ගැසීම්) නමැති පොතක්‌ මතභේදයට තුඩු දෙමින් මේ දිනවල ඇමරිකන් වෙළෙඳ පොළ සැරිසරයි. පසුගිය වසර 160 තුළ වොෂින්ටන් ඩී. 
සී. නගරයේ සිදු වූ පිටසක්‌වල යානා පැමිණීම් සහ පිටසක්‌වල ජීවීන් සම්මුඛවීම් 900 ක්‌ ගැන ඔහු මේ පොතේ කියයි.


      

තවදුරටත්, පිටසක්‌වල වාසීන්ගේ අදහසට අනුව මේ නගරය අන්තර්මාන (interdimensional) දොරටුවකි. අන්තර්මාන දොරටුවක්‌ හරහා කිසියම් තැනකට ඇතුළු වීම ලෙහෙසිය. ඇසට පෙනෙන ලෙස, ඇසට නොපෙනෙන ලෙස චිත්ත තරංග ලෙස, දියර හෝ ඝන ද්‍රව්‍යවල ස්‌වරූපයෙන් අන්තර්මාන දොරටුවකින් ඇතුළු වීමට පුළුවන. ‘ග්‍රේ’ නමැතිs විනාශකාරී පිටසක්‌වල ජීවීන්ට මෙන්ම උරග ස්‌වරූපයේ දියුණු පිටසක්‌වල ජීවීන්ට ද මේ දොරටුව පාවිච්චි කිරීමට පුළුවන. මේ හරහා පෘථිවියට ඇතුළු වන පිටසක්‌වල ජීවීන්ට මනුෂ්‍යයාගේ පරිණාමය අත්හිටුවීමටත් (ඔහු තවදුරටත් දියුණු ජීවියකු වීමට ඉඩ කඩ ඇති මඟ ඇහිරීමටත්) New World order හෙවත් නව ලෝක අනුක්‍රමය නමැති සංකල්පය හරහා ඇමරිකන් රජය වැනි බලගතු ආයතන පාලනය කිරීමටත් පුළුවන.

           මේ අතර පිටසක්‌වල ජීවීන් සමඟ සම්බන්ධකම් පවත්වන ඇලෙක්‌ස්‌ කොලියර් නමැති පර්යේෂකයා කියන පරිදි චර්යාත්මක ගති පැවතුම් ඇති යම්තාක්‌ දුරකට යහපත් පිටසක්‌වල ජීවීන් සමඟ සම්බන්ධකම් පවත්වන තමන් බඳු තවත් මනුෂ්‍යයෝ පෘථිවියේ සිටිති. පසුගිය වසර දහස්‌ ගණනක කාලයක්‌ තිස්‌ස්‌ පෘථිවි ජන සමාජයට ඇතුළු වූ සමහර පිටසක්‌වල ජීවි වර්ග මනුෂ්‍ය ඉතිහාස තුළ සිදුවෙමින් තිබූ ඇතැම් සංවර්ධන කටයුතු වෙනස්‌ කර ආපසු පිටසක්‌වලට පලා ගොස්‌ ඇත. ඔවුන් එසේ කර ඇත්තේ මතු දවසක සිදුÊකරන්නට යන ආක්‍රමණයකදී පෙරළා සටන් කළ නොහැකි තත්ත්වයකට පත් වන පරිදි පෘථිවිවාසීන් දුර්වල කර තැබීමටය.

           මේ අතර Extraterrestrial Friends and Foes (පිටසක්‌වලින් එන මිතුරෝ සහ සතුරෝ) යන පොත ලියූ ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස්‌ හෙළිදරව් කරන පරිදි තවත් ග්‍රහලෝකවල මනුෂ්‍ය වර්ග සිටිති. “ප්‍රොසියන්” යනු එබඳු මනුෂ්‍ය වර්ගයකි. පිට සක්‌වලින් එන පෘථිවි වාසීන්ට හානි දායක සමහර මනුෂ්‍ය වර්ග පෘථිවිවාසින්ගේ ජාන තම වර්ගයාගේ ජාන සමඟ ක්‌ලෝනීකරණය කර විශේෂ වර්ගවල මනුෂ්‍යයන් සාදා චක්‍රාවාට අතර යුද්ධයක්‌ ඇති කිරීම පිණිස ඔවුන් යොමු කරන බව “ප්‍රොසියන්වරු” දැනටමත් පෘථිවියේ සිටින තම හිතවතුන්ට දන්වා ඇත. ප්‍රොසියන්වරු සිටින ලෝකය අයත් තාරකා පද්ධතිය ද්විත්ව තාරකා පද්ධතියක්‌ බවත්, පොළොවට ආලෝක වර්ෂ 11.4 ක්‌ ඈතින් පිහිටි බවත් එම මනුෂ්‍යයන් සමඟ සම්බන්ධකම් පවත්වන පෘථිවිවාසීන් සොයාගෙන ඇත. ප්‍රොසියන් මනුෂ්‍ය වර්ගයාට උසස්‌ ශිෂ්ඨාචාරයක්‌ තිබූ අතර වෙනත් සක්‌වලකින් පැමිණි හානිකර මනුෂ්‍ය වර්ගයක්‌ ඔවුන්ගේ ජන සමාජයට සහ ජනයාගෙන් ඇතමුන්ගේ සිරුරුවලට කාන්දු වීම නිසා එම ශිෂ්ඨාචාරය කඩාකප්පල් වී ඇත. (ඇතැම් විට මිනිසුන්ට අමනුෂ්‍යයන් ආවේෂ වීම යනුවෙන් අපගේ පැරැන්නන් දක්‌නට ඇත්තේ පිටසක්‌වල ජීවීන් මිනිස්‌ සිරුරට හා මොළයට කාන්දු වීම විය යුතුය.) ඇලෙක්‌ස්‌ කෝලියර් නමැති පර්යේෂකයා කියන පරිදි මෙබඳු පිටසක්‌වල ජීවීන්ට සිතුවිලි කදම්භයක්‌ ලෙස මිනිසුන් තුළට කාන්දු වීමටත් ඒ මිනිසුන්ගේ මතක ගබඩාව සම්පූර්ණයෙන්ම විනාශ කර වෙනත් මතක ගබඩාවක්‌ ඇති කිරීමටත් පුළුවන. මේ තත්ත්වයට පත් වූ මිනිසුන් පිස්‌සන් ලෙස අත්හැර දැමීමෙන් ප්‍රජනය ගැන වැඩිදුර සෙවීමට කිසිවකු උනන්දු වන්නේ නැත. ජෝර්ඡ් ඩී. ඇන්ඩෲස්‌ නමැති පර්යේෂකයා කියන පරිදි ‘ඛයිලා’ යන නමින් හඳුන්වන ප්‍රොසියොන් වැසියෙක්‌ම ඔහුට හමු වී ඇත. ඔහු කියන පරිදි ඔහුගේ ග්‍රහලෝකයේ තිබු ශිෂ්ඨාචාරය විනාශ වූයේ The Grays හෙවත් “අඳුරු මතධාරීන්” නමැති පිටසක්‌වල වාසීන් නිසාය. ඛයිලා ගේ වචනයෙන් ග්‍රේවරුන් හෙවත් අඳුරු මතධාරීන් ප්‍රොසියන් ශිෂ්ටාචාරය විනාශ කළේ මෙසේය. “ගේ්‍ර” වරුන් මුලින්ම අපේ ග්‍රහලෝකයට පැමිණියේ තානාපතිවරුන් ලෙස ය. 

ඊළඟට අපට ප්‍රයෝජනවත් විය හැකි විවිධ අංශවල නිපුණතා ඇති ග්‍රේවරුන් අප වෙත පැමිණියහ. ඔවුන් සහ අප අතර අෙන්‍යාන්‍ය වශයෙන් දැනුම හුවමාරු කර ගැනීම සඳහා වැඩසටහන් පැවැත්විණ. ඊළඟට ඔවුන් සංචාරකයන් ලෙස වැල නොකැඩී අපේ ග්‍රහලෝකයට එන්නට පටන් ගත්හ. අන්තිමට ඔවුන්ගෙන් අපේ ජන සමාජය පිරී ගිය අතර අපේ නායකයන් පවා ඔවුන්ගේ ග්‍රහණයට කැමැත්තෙන්ම නතු වූහ. එය මානසික ආක්‍රමණයකි.

           “ඔබේ ග්‍රහලෝකය වන පෘථිවියේද ඔවුහු සිටිති. ඔවුන් සී. අයි. ඒ. සහ කේ. ජී. බී. වැනි ආයතනවල වැදගත් භූමිකා කරන අය තම වසඟයට ගෙන ඇත. ඔවුන් එය කරන්නේ තම දැනුම් සම්භාරය ඔවුන්ට ප්‍රදර්ශනය කිරීම තුළිනි. ටෙලිපති හෙවත් මානසික තරංග මගින් මිනිසුන් වසඟ කර ගැනීමට ඔවුන්ට පුළුවන. ඔවුන් පෘථිවියේ වැසියන් සඳහා ද යොදා ඇත්තේ “ප්‍රොසියන්” වැසියන් වන අපට යෙදූ උපක්‍රමයන්ය. අප විනාශය කරා යන නමුත් ඒ බව අපට තේරෙන්නේ නැත .අපේ නායකයන්ට තේරෙන්නේ ද නැත. අන්තිමට ප්‍රොසියන් ග්‍රහලෝකය යටත් කරගත් ග්‍රේවරුන් වැසියන් සියලු දෙනාම වහල් කමට ගත්හ.”

           “ග්‍රේවරුන්ට කාලයේ බාධාව විඳීමට පුළුවන. එනම් ආලෝකය ගමන් කරන වේගයට වැඩි වේගයකින් ඔවුන්ට යැමට පුළුවන. එවිට කාලය නවතී (අයින්ස්‌ටයින්ගේ කොන්ටම් විද්‍යාත්මක නියමය බලන්න) මෙසේ නැවතුන කාලය හරහා ඉදිරියටත් ආපස්‌සටත් (අනාගතයට හා අතීතයට යමින් ) යමින් ඔවුන් අපගේ ශිෂ්ඨාචාරය විනාශ කළේය. එහෙත් ඔවුන්ගේ ජාන දුර්වල නිසා පෙර කී ක්‍රියාවලියට ග්‍රේවරුන්ට වඩා හොඳින් කිරීමට ප්‍රොසියෙන්වරුන්ට පුළුවන. ඒ නිසා ග්‍රේවරුන් අභිබවා යන සමහර ප්‍රොසියන් කණ්‌ඩායම් ග්‍රේවරුන් පරදවාලීම සඳහා සංවිධානය වෙමින් සිටිති.


           ග්‍රේ වරුන් සමඟ සටන් කිරීමට පෘථිවියේ ඇති ආයුධවලට නොහැක. ඔවුන් සමඟ සටන් කිරීමට කළ යුතු හොඳම දෙය හැම විටම පියවි සිහියෙන් සිටිමින් අධ්‍යාත්මික බලය දියුණු කිරීමය. (බුදුන්වහ්නසේ අධ්‍යාත්මික බලයෙන් මාර පරාජය කළ හැටි උදාහරණයක්‌ ලෙස ගත හැකිය.) සීමාසහිත සීමාවක බහුමාන ක්‍රමයට හෙවත් විවිධ මානසික මට්‌ටම් පිළිබඳව සිත පුරුදු කර ග්‍රේවරුන්ගේ මනසට බලපෑම් කරමින් ඔවුන් ජයගත හැකිය. පෘථිවිය සූර්යයා වටා යන ගමන් මාර්ගයෙන් පිටතට ඇද දැමිය හැකි තාක්‍ෂණයක්‌ ඔවුන් සතුව තිබේ. එහෙත් ඔවුන්ට එක දිගටම තබාගත හැකි චිත්ත ශක්‌තියක්‌ නැත. පෘථිවිවාසීන්ට මේ ශක්‌තිය තිබේ.

Friday, October 3, 2014

ඔබගෙන් සහයක් අත්‍යඅවශ්‍යයි..!!!

යාලුවනේ දැනට අපි මේ අපේ WanGuva.com එක හදලා Publish කරලා සති 3 ක් වගේ කාලයක් තමයි වෙන්නේ....ඉතින් යාලුවනේ අපේ මේ Forum එකේ Membars ලා ඉන්නේ 80 ක් වගේ ගාණක්.ඉතින් යාලුවනේ අපිට අපේ බලා පොරොත්තුව තියෙන්නේ ලංකාවේ හෝදම අධ්‍යාපනික,දැනුම,සතුට පිරි හොදම Forum එක කරන්න.ඉතින් එකට අපිට තනියම කරන්න බෑ.ඒ නිසා අපිට ඔයාලගේ උදවු අවශ්‍ය වෙනවා.ඉතින් ඔයාලට කරන්න තියේන්නේ මෙච්චරයි මම ඔය යටින් දලා තියේන Embed Code එක Blog/Website තියෙන කාණ්ඩේ දා ගන්න.!!!.එහේම නැති කාණ්ඩේ පුලුවන් පුලුවන් විදියට තමන්ගේ Facebook Group,Page,Profile,Wall,Massage කරන්න පුලුවන් ඔක්කෝම කරන්න.....පුලුවන් තරම් Share කරන්න...

Blog/Website Widget Code


 



Facebook Share




ඔබට හැකිතාක් මෙය Share කරන්න.....

Friday, April 11, 2014

All of Password Change Danger Alarm.!

සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට අනතුරු ඇඟවීමක්!

 සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට අනතුරු ඇඟවීමක්!

ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට ජාත්‍යන්තර දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කර තිබේ.
ඒ, පවතින රහස් පදවල (passwords) ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් විශාල දෝෂයක් පවතින බවට අනාවරණය වීම හේතුවෙනි.
Yahoo සමාගම ඉල්ලා සිටින්නේ, සියලු රහස් පද වෙනස් කරන ලෙස ය.
විශේෂයෙන් ඊමේල්, බැංකු (Banking) සහ ලිපිගොනු (File storage) සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස එම සමාගම විශේෂයෙන් දැනුම් දී තිබේ.
මේ අතර, Heartbleed Bug නමැති ඉන්ටර්නෙට් වෛරසයක් පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස Google සමාගම ද අනතුරු අඟවා තිබේ.

Microsoft Company Idea in World Computer 3%2-1 Danger.!


Microsoft සමාගමේ තීරණයෙන් ලෝකයේ පරිගණකවලින් තුනෙන් එකක් අනතුරේ!


 Microsoft සමාගමේ තීරණයෙන් ලෝකයේ පරිගණකවලින් තුනෙන් එකක් අනතුරේ! වසර 12කට පසු Windows XP මෙහෙයුම් පද්ධතිය (operating system) සම්බන්ධ සියලු සහයක නතර කිරීමට Microsoft සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, ලබන අඟහරුවාදා සිට Windows XP තාක්ෂණික වශයෙන් යල් පැන ගිය මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකීමට Microsoft පියවර ගනු ඇත.
තාක්ෂණික විශේෂඥයින් අනතුරු අඟවනුයේ, අඟහරුවාදා සිට ලොව පරිගණකවලින් තුනෙන් එකක් වෛරසයන්ට සහ සයිබර් ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානමක් පවතින බව ය.
ලබන අඟහරුවාදා සිට මෙම මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර නොකරන අතර එහි ආරක්ෂණ යාවත්කාලීන කිරීම් (security updates), දෝෂ නිරාකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග (hot fixes), තාක්ෂණික යාවත්කාලීන කිරීම් (online technical content updates) හෝ සියලු ම තාක්ෂණික සහයයන් ලබා දීම පමණක් අත්හිටුවනු ඇත.
මෙම ක්‍රියාමාර්ගය ත් සමග මේ වන විට Windows XP භාවිත කරන පරිගණකවල පවතින දෝෂ නිරාකරණය නොවී පවතිනු ඇත.
යුරෝපා සයිබර් අපරාධ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, Windows XP සහිත පරිගණයකින් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වුවහොත් එම පරිගණක සයිබර් ප්‍රහාරකයන්ට ලෙහෙසියෙන් ම ගොදුරු වීමේ අවදානමක් පවතින බව ය.
මේ අතර, ලොව පුරා ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් 95%ක පමණ Windows XP භාවිත වන බව ද අනාවරණය වී තිබේ.

Tuesday, March 4, 2014

Android Version Histry

                                    Android සංස්කරණ ඉතිහාසය

Android කියන්නේ Google ලාගේ Linux පදනම් කරගෙන සැලසුම් කරපු මෙහෙයුම් පද්දතියක් ,ප්‍රදාන වශයෙන් මෙ මෙහෙයුම් පද්දතිය පාවිච්චි කරන්නේ Smart Phone සහ Tablet පරිගණකයි.මුලින්ම 2003 ඔක්තෝබර් මාසයේදී Andy Rubin,Rich Miner, Nick Sears සහ Chris White විසින් සොයාගන්නා ලදී.ඊටපස්සේ 2005 අගෝස්තු මාසයේදී Google සමාගම විසින් Android තමා සතුකරගන්නා ලදී. 

(1) මේ සිද්දි වලින් පස්සේ පලවෙනි Android සංස්කරණ Android 1.0 නමින් 2008 සැප්තැම්බර් මාසයේදී HTC Dream (G1) දුරකතනයෙන් ප්‍රසිද්දියට පත්කරා



(2) ඔන්න ඉතින් 2009 අප්‍රේල් මාසයේදී Android 1.5 Cupcake නමින් ප්‍රසිද්දියට පත්කරා,මේ තැන ඉදන් තමයි Android මෙහෙයුම් පද්දතියට කෑම (අතුරු පස)වල නම් දාණ්ඩ පටන් ගත්තේ.මේ සංස්කරණයෙදී තමයි කැමරා වෙන් video කිරීමේ සහ video බැලීම ,Picasa සහ youtube වලට පින්තුර සහ video upload කිරීමේ හැකියාව මුලින්ම ලබා දුන්නේ.
Cupcake කියන්නේ Cup එකක් හැඩයක අච්චුවක බෙක් කරපු පොඩි කේක් එකක්. 




(3) Android 1.6 Donut සංස්කරණ 2009 සැප්තැම්බර් මාසයේදී ප්‍රසිද්ද කරා.මේ සංස්කරණයේ තමයි මුලින්ම Voice Search කිරීමේ හැකියාව ලබාදුන්නේ.ඒ වගේම Multi touch පහසුකමත් මේ සංස්කරණයෙදී තමයි මුලින්ම හම්බෙන්නේ. 
Donut කියන්නේ පාන්පිටි වලින් මුදු හැඩයට හදල ගැබුරු තෙලේ බැදගත්ත අතුරුපසක් .




(4) Android 2.0 / 2.1, i.e. Eclair නමින් 2009 ඔක්තෝබර් මාසයේදී ප්‍රසිද්දියට පත්කරා.මේ සංස්කරණයෙදී තමයි මුලින්ම Live walpaper එකතු කරලා තිබුනේ.අනික් Android සංස්කරණ වලට වඩා මේ සංස්කරණ යේ වේගය වැඩිකරලා තිබුනා.
Eclair කියන්නේ දිගටි හැඩයක් තියෙන Cream puff එකක්.




(5) Android 2.2, i.e. Froyo නමින් 2010 මැයි මාසයේදී එළිදැක්වුනා.මේ සංස්කරණයෙදී camera එක පාලනය කරන buttons තිරයමත දිස්වන විදිහට සකස් කරලා තිබුන.ඒවගේම පළමු වතාවට USB Tethering සහ WIFI HOTspot ඔප්ෂන් ලබාදීලා තිබුන.
Froyo කියන්නේ මිදුණු යෝගට් වලින් සාදන අතුරුපසක්.



6) Android 2.3, i.e. Gingerbread නමින් 2010 දෙසැම්බර් මාසයේදී ප්‍රසිද්ද කරා.මේ සංස්කරණය මුලින්ම එන්නේ SAMSUNG NEXUS S කියන දුරකථනය එක්කයි.මේ සංස්කරණය තමයි දැනට Android වල ජනප්‍රියම සංස්කරණය.මේ සංස්කරණයේ දී තමි පලවෙනි වතාවට Camera දෙකක් සමග ක්‍රියාකරන Android සංස්කරණය.ඒ වගේම NFC පහසුකම මුලින්ම අවෙත් මේ සංස්කරණය එක්ක. 
Gingerbread කියන්නේ ඉගුරු යුශ පාන්පිටි වලට මිශ්‍ර කරලා හදන කේක් වර්ගයක්. 




(7) Android 3.0 සංස්කරණ Honeycomb නමින් 2011 පෙබරවාරි මාසයේ දී එළිදැක්වුනා.මේ සංස්කරණය විශේෂයෙන්ම හදල තිබුනේ Tablet පරිගණක වලටයි. මේ සංස්කරණය Multi core Processor සමග වැඩකළ හැකි විදිහට නිර්මාණය කරලා තියෙනවා. Honeycomb කියන්නේ මී වදයට.


(8)Android 4.0 සංස්කරණය Ice Cream Sandwich (ICS) නමින් 2011 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරා.මේ සංස්කරණයට wifi direct support සහ face unlock අලුතින් එකතුකරලා තිබුනා.
Ice Cream Sandwich කියන්නේ චොකලට් බිස්කට් දෙකක් අතරට දමන ලද Ice Cream තට්ටුවක් . 




(9)Android 4.1: Jelly Bean නමින් 2012 ජුලි මාසයේදී ප්‍රසිද්ද කරා .මේ සංස්කරණයට USB audio සහ Google wallet පහසුකම් එකතුකරලා තිබුනා. 



(10) Android 4.4: Kit-kat නමින් 2013 සැප්තැම්බර් මාසයේදී අපු නවතම Android සංස්කරණයයි.පළවෙනියටම මේ සංස්කරණය එළිදැක් උනේ Nexus 7 Android tablet උපාංගය සමගයි. 
Kit-kat කියන්නේ චොකලට් වලින් වටකරපු කුඩා බිස්කට් වලටය.



Android සංස්කරණය උපාංග ප්‍රතිශතය

1.6 Donut 0.20% 
2.0 Eclair 2.40%
2.2 Froyo 9.00% 
2.3 Gingerbread 47.60% 
3.0 Honeycomb 1.50% 
4.0 ICS 29.10% 
4.1 Jelly Bean 10.20%

Wednesday, February 26, 2014

Pirate Bay Torrent Network Go to Could

         Pirate Bay ටොරන්ට් ජාලය වළාකුළට යයි

ලොව ජනප්‍රියම බිට්-ටොරන්ට් ජාලය ලෙස සැළකෙන "පයරට් බේ" ටොරන්ට් ජාලයේ නිර්මාතෲවරුන් සිය ටොරන්ට් සේවාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යවන සර්වර් සියල්ලම අන්තර්ජාලයේ "ක්ලව්ඩ්" සේවාවක් වෙත ගෙනගොස් ඇතැයි වාර්තාවේ. 

මේ වනවිට බටහිර රටවල් (අමෙරිකාව හා බටහිර යුරෝපය) බුද්ධිමය දේපොල අන්තරජාලය හරහා බාගත කිරීම් වැලැක්වීම සඳහා නීති දැඩි කොට ඇති අතර ඒවා ඉතා දැඩිලෙස ක්‍රියාත්මක කරමින් නොමියේ බුද්ධිමය දේපොල ලෙස සැලකෙන පරිගණක මෘදුකාංග, ක්‍රීඩා, චිත්‍රපට හා රූපවාහිනී නාට්‍ය මෙන්ම සංගීත නිර්මාණ බාගත කරගැනීමට ඉඩ සලසන සේවා වසා දමමින් ඒවායේ හිමිකරුවන් අත් අඩංගුවට ගනිමින් සිටිති.

මේ වනවිටත් කලක් ඉතා ජනප්‍රියව පැවති Rapidshare, Megaupload වැනි file-share සේවා මෙන්ම isoHunt වැනි බිට්-ටොරන්ට් ජාල වසාදමා ඇත. තවත් ජනප්‍රිය ටොරන්ට් අඩවි ගණනාවක් ඉදිරි මාසකිහිපය තුල ක්‍රියා විරහිත කරවන බව ඒවායේ හිමිකරුවන් මාධ්‍ය නිවේදන මගින් දැනුම්දී ඇත. මේ සඳහා හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ නිරන්තරයෙන් සිය සේවා ආයතන එම රටවල පොලීසි මගින් වටලා උපකරණ අත් අඩංගුවට ගැනීමත්, ඒවායේ හිමිකරුවන්ද අත් අඩංගුවට ගෙන කෝටි ගණනින් වන්දි ඉල්ලා නඩුදැමීමේ ප්‍රවනතාවයක්ද මතුවෙමින් පැවතීමයි. නොබොදා  අයිසොහන්ට් ටොරන්ට ජාලයේ හිමිකරු වන ගැරී ෆන්ග්ට බුද්ධිමය දේපොල නීතිවිරෝධීව බෙදාහැරීමට දායකවීමේ වරදට ඩොලර් මිලියන 110ක වන්දියක් ගෙවීමට නියමකරන ලදී.

වැඩිම ඔරොත්තුදීමේ හැකියාවක් ඇති බිට් ටොරන්ට් ජාලය (The most resilient bit-torrent site) ලෙස තමන්ව හඳුන්වාගන්නා පයරට්-බේ ජාලය මෙම නිරන්තර තර්ජනයෙන් ගැලවීමේ උපක්‍රමයක් ලෙස මෙහෙයුම් කටයුතු සියල්ලම අන්තර්ජාල ක්ලව්ඩ්-සර්වර් සේවාවක් මත ස්ථාපනය කොට ඇත. පයරට්-බේ හිමිකරුවන් පවසන අන්දමට ක්ලව්ඩ් සර්වර් සේවාවක් මගින් ලැබෙන ආරක්ශාවට අමතරව ඉතා ඉක්මණින් හා අඩු වියදමකින් සේවාවන් පුලුල් කිරීමේ හැකියාව මෙන්ම මෙහෙයුම් කටයුතු අඩු වියදමකින් කරගැනීමේ හැකියාවද තමන්ට ලැබී ඇත.

ක්ලව්ඩ් සර්වර් පන්නයට අනුවර්තනය වීමෙන් පසුව පයරට් බේ  සේවාවට සිය අනන්‍යතාවය සඟවාගෙන සේවා පවත්වාගන්නට හැකි බව පැවසේ. ක්ලව්ඩ්-සර්වර් සේවාව ලබාදෙන සේවා දායකයාට එම සේවාව භාවිතා කරන්නා එය කුමන කටයුත්තක් සඳහා භාවිතාකරන්නේද යන්න දැන ගැනීමේ හැකියාව අවම වන අතර එම සේවාවන් ලබාදෙන සර්වර් වෙනස් රටවල් කිහිපයක ක්ලව්ඩ් සේවා ලබාදෙන ආයතන ගණනාවක් අතර පතුරවා ඇති අතර මේ අනුව එක් එක් රටවල ජාතික පොලිසී හෝ ආරක්ශක අංශ මින් එක් ක්ලව්ඩ් සර්වරයක් කෙසේ හෝ වසා දැමුව හොත් ඉන් පයරට් බේ ජාලය අඩපණවීමක් සිදු නොවේ.

පයරට් බේ සේවාවේ ආරම්භක සර්වරය පරිගණක කෞතුකාගාරයක ප්‍රදර්ශණයට!



2003 වසරේදී ඇරඹි පයරට් බේ සේවාවට 2013 සැප්තැම්බරයේදී වසර 10ක් සපිරෙන අතර මේ සේවාව ආරම්භකල ගොට්ෆ්‍රිඩ් වාර්ග් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර  සිය දෙමව්පියන්ගේ නිවසේ කාමරයක ඇඳක් යට තබාගෙන පයරට් බේ සේවාව ක්‍රියාත්මක කල පරිගණකය ස්වීඩනයේ ලින්කොපීන්ග් නුවර "The Computer Museum " නම් පරිගණක කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇත.

බිට් ටොරන්ට් ගොනු බාගතකිරීමේ සේවාව මුල් වරට ආරම්භ කරමින් පරිගණක ජාල ලෝකයේ විප්ලවිය වෙනසක් සිදුකල, සමහරුන් ඉතා ආදරය කරන, සමහරුන් දැඩිලෙස පිලිකෙව් කෙරෙන, ලොව පුරා දැවැන්ත විවාදයකට මුලපුරූ "ද පයරට් බේ" ජාලයේ උපත සැමරීමට වෙනුවෙන් මෙය ප්‍රදර්ශණය කරන බව මෙම පරිගණක කෞතුකාගාරයේ අභිරක්ෂක (curator) වන තෝමස් ක්ලිෆර්ඩ් පවසයි.


 
  
උපුටා ගැනිමක්

මෙය ගැන ඔබගේ අදහස් දක්වන්න

Tuesday, February 11, 2014

Flat Panel TV Cast

        ෆ්ලැට් පැනල් කුල භේදය ටීඑන් සහා අයිපීඑස් තිර අතර වෙනස


ල්සීඩී තිරයක් තනා තිබෙන්නේ වීදුරු හෝ නම්‍යශීලී ප්ලාස්ටික් තහඩු දෙකක් අතර විශේෂ රසායන දුව්‍යක් සිර කිරිමෙනි.ඝනයක් හෝ දුව්‍යක් නොවන මේ දුව්‍ය හදුන් වන්නේ දුව ස්එටික (liquid crystel) කියාය.එකිනෙකට වෙනස් විභව අන්තර් යටතේ විදුලි ධරා යවා, මෙම ද්‍රව ස්වටික  පටලයේ වර්ණ  වෙනස්කම් ඇති කළ හැක.එය උදව්වට ගනිමින් ද්‍රව ස්වටික ඇසුරෙන් පික්සල් හෙවත් තිරයේ ක්‍රියාකාරි ඒකක තනා තිබේ. එවැනි පික්සෙල් මිලියන ගණනක් එක් කොට සමාන්‍ය මොනිටර් තිර සදා තිබේ. තිරයක් තිබෙන  පික්සෙල් ගණන  වැඩිවෙන විට විභේදනයද වැඩිය.මෙම තිර පොදුවෙ හදුන්වන්නේ එල්සීඩී  (LCD - liquid crystal display ) තිර කියාය.

    එල්සීඩී තිරයක් එක් එක් පික්සෙලය පාලනය කරන්නේ ට්‍රාන්සිස්ටර් මගිනි. මෙම ට්‍රාන්සිස්ටර යෙන් ලැබෙන සංඥාව අනුව පික්සෙල් වර්ණ ගැන්වේ. ප්‍රධාන පික්සෙලයක් රතු,කොළ හා නිල් යන වර්ණ පෙන්වන උප පික්සෙල්වලින්  සමන් විතය. රූපය  මැවෙන්නේ ඒ සියලු පික්සෙල්වලින් සමන් විතය. රූපය මැවෙන්නේ ඒ සියලු පික්සෙල්වල ඒකා බද්ධ හැසිරීමෙනි. ඒල්සීඩී තිරවල භාවිතා කරන මෙවැනි ට්‍රාන්සිස්ටර් තාක්ෂණ ගණනාවක් තිබේ.ඒවා අතරින් හොදින් වර්ණ පෙන්විය හැකි විශේෂ ට්‍රාන්සිස්ටර් තාක්ෂණය හදුන්වන්නේ ටීඑෆ්ටී (TFT - thin film transistor) කියාය.මෙම තාකෂණික නම් ඇසුරු  කොටගෙන ,TFT LCD කියා හදුන්වන්නේද මෙම තිරයි. දැනට මෙවැනි ටීඑෆ්ටී පැනල් වර්ග දෙකක් තිබේ.ටීඑන් සහා අයිපීඑස් යනු ඒවායි.

ටීඑන් ෆිල්ම් පැනල්

බොහෝ උපකරණවල යොදා ගැනෙන්නේ ටීඑන් (TN - Twisted Nematic) ෆිල්ම් පැනලයේ.මෙම තාක්ෂණයෙන් නිරිමාණය කරණ තිර මිලෙන් අඩුවීම .ඊට  හේතුවයි.මෙම තිරවලදී නියාමකාරයෙන් වර්ණ පෙනෙන්නේ තිරය දෙස කෙලින්ම බලන විට පමණී. එසේම මෙම ටීඑන්  තිරවලින් අලෝකය වැඩියෙන් පරිවර්තනය වෙයි. ඒනිසා සමාන්‍ය සුර්යාලෝකය යටතේ බලන විට තිරයෙන් පෙන්වෙන දේවල්ද පැහැදිලිකම අඩු වෙයි.

අයිපීඑස් ෆිල්ම් පැනල්

ටීඑන් පැනල්යල තිබෙන අඩුපාඩු මග හරවන්නට සමත් පැනල් වර්ගය මෙයයි.මෙම අයිපීඑස් (IPS - In - Plane Switching ) පැනල්වල පෙන්වන දෙය දැක ගන්නට එය එල්ලේම සිටිය යුතු නැත .වටපිටාවේ සිටියත් තිරයේ පෙන්වන දෙවල් පෙනෙයි. එසේම මෙහි ආලෝකය පරාවර්තනයවිමෙද අඩුය.  ටීඑන් පැනල්වලට වඩා පැහැදිලිබවක් (Contrast) සහ දීප්තියක් (Brightness) මෙම තිරවලින් ලැබේ.

               ටීඑන් සහ අයිපීඑස් තිරවලින් රූප පෙනෙන හැටී



What the CD Image File Name.?

CD Image ෆයිල් එකක් යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද.?


සීඩී එකක් පිටපත් කිරිමෙදි මුලින්ම කෙරෙන්නේ එහි ඇති දත්ත හාඩි ඩිස්කයට ලිවිමයි.ඉන්පසුව ඒවා සීඩී එකකට ඇතුලු කරයි.අන්තිමට හාඩ් ඩිස්ක්  එකට ලියා ගත් දත්ත ස්වයංක්‍රීයව මකා දමයි.එසේ සීඩී එකෙහි ඇති දත්ත හාඩ් ඩිස්කය තුළ ගබඩා කර ගන්නේ වීශේෂ ෆයිල් එකක් ලේසයි.

  නැවත එම ෆයිල් එකක් යොදා ගෙන මුල් සීඩී එකට හැම අතින්ම සමාන පිටපත් ලබා ගත හැකිය.සීඩී ඉමෙජ් ෆයිල් එකක් යනු මෙයයි.

කෙසේ වෙතත් මෙම ෆයිල් එක හාඩ් ඩිස්ක් එකේම තිබියදී එහි ඇති දත්ත භාවිතා කළ නෝහැක.එය වෙනත් තැනකට ගෙන ගොස් සේව් කළ යුතුය .සීඩී ලියවන (CD Writing) මෘදුකාංග මගින් මෙම ඩමේජ් ෆයිල්  එක තවත් සීඩී එකට තැන්පත් කළ හැක.බර්න් කිරිම යනු එයයි.මේ නිසා යම් ෆයිල් එකක් එහි සියලු ගුණාංග සහිතව නැවත පිටපත් කිරීමට අවශ්‍ය නම් එය ඉමේජ් ෆයිල් එකක් ලෙස හාඩ් ඩිස්කය තුළ සේව් කොට තැබිය හැක.

Tuesday, January 28, 2014

Southern Korean Search for 5G

                        දකුණු කොරියාවෙන් සොයා ගත් 5G


ලෝකයේ දියුණු රටවල් රාශියක් 4G අන්තර්ජාල සේවය ව්‍යාප්ත කිරීමට සැරසෙද්දී දකුණු කොරියාව විසින් 5G සඳහා මුදල් ආයෝජනය කර තිබේ.

දැනට දකුණු කොරියාවේ තිබෙන 4G හරහා උපරිමව තත්පරයට මෙගාබයිට් 75ක් ඩවුන්ලෝඩ් කරගත හැකිය. ඒ අනුව මෙගාබයිට් 800ක චිත්‍රපටයක් බාගත කිරීමට තත්පර 40ක් ගතවේ. නමුත් 5G වලින් ඒ සඳහා ගතවන කාලය තත්පරයකි.

ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සබඳතා තිබෙන රටවල් 10 අතර දකුණු කොරියාවද සිටී. ඇමරිකාවේ අන්තර්ජාලවේගයන්ගේ සාමාන්‍ය අගයට වඩා දකුණු කොරියාවේ වේගය 65%කින් වැඩිය
මෙම 5G ව්‍යාපෘතිය සඳහා සඳහා ඔවුන් විසින් ඩොලර් බිලියන 1.5ක් ආයෝජනය කර තිබෙන බවයි එරට විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ.මෙම ව්‍යාපෘතියේ අත්හදාබැලීමේ කටයුතු තවත් වසර 3කින් හෙවත් 2017දී ආරම්භ කරන අතර 2020 දී එරට ජනතාවට 5G ජාලය භාවිතා කළ හැකිය. අල්ට්‍රා HD වීඩියෝ හා හොලෝග්‍රම් වීඩියෝ සම්ප්‍රේෂනය සඳහා මෙය බොහෝ ප්‍රයෝජනවත්වේ යැයි අපේක්ෂා කරයි.
  ලෝකයේ ජංගම දුරකථන නිෂ්පාදනයෙන් 30%ක බලය අල්ලා සිටින්නේ කොරියාවයි. එම නිසා LG හා සැම්සුන් සමාගම් හා එක්ව 5G සඳහා අවශ්‍ය ජංගම දුරකථන ඉදිරියේදී නිපදවීමටද දකුණු කොරියාව බලාපොරොත්තුවේ.
   පසුගිය මැයි මාසයේ සැම්සුන් සමාගම විසින් නිවේදනය කළේ තම සමාගම 5G ජාලය අත් හදා බැලූ බවයි. ඒ අනුව ගිගාබයිට් එකක් තත්පරයත් තුලදී කිලෝමීටර් 2ක දුරක් යවා පරීක්ෂා කර තිබේ. ඒ සඳහා ඇන්ටනා 64ක් භාවිතා කර තිබුණි.

Tuesday, January 7, 2014

Joing And Share You Technolgy.That Relly Group on Fcebook

 මෙන්න ජෝයින් වෙලා පරිගණක දැනුම බෙදා ගන්න නියම ෆේස්බුක් ගෘප් එකක්  ..පරිගනක වීරයෝ.. .. Pariganaka Weerayoo..

සහෝදර වරුනි අපි හැමෝම පරිගණකය භාවිතා කලාට පරිගණකයේ ඇති බොහෝ දේවල් හරියට දන්නේ නෑ. ඉතින් තමන් හරියට දන්නේ නැති  දේවල් අහගන්න, ඒවගේම ඒ ගැන දන්නා අය ඉන්නවනම් කියලා දෙන්න ඒවගේම තමන්ට හම්බ වෙන අලුත් අලුත් දේවල් ගැන අනෙක් අයට කියන්න දැන් අපිට පුළුවන්. මම හැමෝටම ආරාධනා කරනවා " පරිගණක වීරයෝ " තුලින් තමන්ගේ ප්‍රශ්න වලට ගැටළු ඒ වගේම ඒවාට පිළිතුරු ලබාගන්න තමන්ගේ දැනුම බෙදා දෙන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔයාලට පුළුවන් තමන්ගේ යාළුවොත් මේකට සම්භන්ධ කරන්න. නොදන්නා දේවල් දැනගන්න එයාලටත් මේක ලොකු උදව්වක් වෙයි.

තවද ඔබත් මෙම ගෘප් එකට ජොයින් වෙලා අත්විදින දැනුම් සම්භාරය අනෙක් යහළුවන් වෙත ලබාදීමට ඔබට හැකියාව ඇත. ඒ සදහා ඔබ පහත පියවර අනුගමනය කරන්න...


කරුණාකර ඔබගේ සහයෝගය ලබාදෙන්න

මේ ගෘපය තුල blog කතුවරුන් රාශියක් ඇති අතර ලිපි කියවා ඉගෙන ගැනීමට එන පිරිසක්ද සිටිනු ඇත . එහෙයින් මේ ගෘපය තුල සිටින සාමාජිකයන් ගණන වැඩි වීම අප හැම දෙනාටම වැදගත් කරුණකි .එම නිසා කරුණාකර පහල ඇති උපදෙස් පරිදි සිදුකර සහයෝගයක් ලබාදෙන්න .ස්තුති

1. ඇඩ් කරන්න ඕනි Group එක https://www.facebook.com/groups/pariganakaweerayo/

2. කරන්නෙ මෙහෙමයි. . මුලින්ම ඔය උඩින් දීපු ලින්ක් එක ඕපන් කරන්න.


3. දැන් browser එකට Right click කරල Inspect element ගිහිල්ල Console කියන ටැබ් එකට යන්න.  




4. ඒකේ මවුස් කර්සර් එක තියෙන තැනට මන් පහලින් දෙන කෝඩ් එක අරගෙන කොපි කරල පේස්ට් කරන්න. දැන් එන්ටර් කරන්න.

5. එතකොට ඔයාලට යහලුවන් එකතු වෙනවා පෙනෙයි.


6. එකතු වෙලා ඉවර වුනාම refresh කරන්න.


7. මෙන්න මේක https://www.dropbox.com/s/vz73ijcrnht1v5j/text.txt තමයි මන් උඩින් කියුව කෝඩ් එක.

හරි. ඔයාල මේක කරයි කියල හිතනවා මන්. ඔයාලගෙ යහලුවොන්ටත් කියන්න මේක. අපි හොද ගෘප් එකක් හදමු.. ඔයාලත් පුලුවන් උපරිම ඇඩ් කරන්න. කැමති අය හොදේ. මේකෙ කොන්දේසි නැතිව ඔයාලගෙ බ්ලොග් ලිපි දාන්න වගේම ඕනෙම දෙයක් දැනගන්නත් පුළුවන්


Sunday, January 5, 2014

What is The New Tv HDMI Port Question....

අලුත් රූපවාහිනිවල ඇති HDMI පෝට් එකෙහි ප්‍රෙයෝජන මොනවාද.?


මෙම එච්ඩීඑම්අයි (HDMI - High Definition Multimedia Interface) වේ.උසස් තත්වයේ වීඩියෝ සහා ඔඩියෝ (HDMI - High DefinitionVideo and 3D Video) සපයන උපකරණය රූපවාහිනිය සමග සම්බන්ද කිරිමට මෙය යොදා ගනී.

      මෙය සම්පුර්ණයෙන්ම Digital වර්ගයේ සංඥා සම්ප්‍රේෂණය කරයි.මෙම පෝට් එකට සම්බන්ධ කළ හැකි උපකරණ රාෂියක් ඇත.නවීන IPTV උපාංග,නවීව DVD හා Blue-ray යන්ත්‍ර සහ පරිගණක යන්ත්‍රයක් රූපවාහිනිය සමග සම්බන්ධ කිරිමට මෙම පෝට් එක බාවිතා කරයි.මෙම HDMI සහා DVI පෝට් තාක්ෂණික පැත්තේන් බෝහෝදුරට එකිනෙකට සමාන කම් දැක්වුවත් DVI කෙබල් හරහා සම්ප්‍රේෂණය වෙන්නේ විඩියෝ පමණි...



Next Microsoft in Future......

                  කෝහෝමද මයික්‍රෝසෝෆ්ට් ඊලග අනාගතය..


හරි යාළුවනේ කෝහෝමද ඉතින්.මම අදත් වෙනදා වගේම සුභ දවසක් කියලා ඔන්න වැඩේ පටන් ගත්තා.අද මං ඔයාලට කියන්න යන්නේ Microsoft Company එකේන් Plan කරලා තියෙන ඊලග අනාගතය ගැන.
මෙක ඔයාලට බලන්න තියේන්නේ මොකද මෙක ගැන මට විස්තර කරන්න ගියෝත් දවස් 2 ක් වත් අඩු තරමේයයි.එක නිසා මම පහලින් Video එක්ක දැම්මා.යාළුවනේ ඔයාලට මෙක බැලුවොත් අදහා ගන්න බැරි වෙයි.ඒත් මට දුක තියේන්නේ අනාගතේ මෙවගේ දෙයක් තියේයිද කියලා...එතරමට මෙක විශ්වාස කරන්න බෑ.හිරි ඉතින්එකට කමක් නෑ.යටින් Video එක බලලාම ඉන්නකෝ.


          මේ තියේන්නේ එයාලා අනාගතේ හදන්න යන විදිය සුදනම් කරපු Video එක


මෙක ඔයාලට කියන්න මෙකේ තියෙන පුදුමේ තමයි මේ ගේ දේයක් වෙයිද කියලා.ඔයාලට හිතේන්නේ මෝනවාද.?.යටින් ඔයාලගේ අදහස් එකතු කරන්න........

Saturday, January 4, 2014

Ouer Android Apps New Relase...

                  අපගේ  Android Apps එක දැන් පිට වුනා...


හරි අපි අද ඔයාලට දෙන්නේ අපේ වැඩක්.ඔයාලා කවුරුත් දන්නවා අපේ සයිට් එක Soft Lanka .මෙක පටන් අරන් තාම මාස 3 ක් වගේ වෙන්නේ.ඉතින් මෙක එච්චරටම ප්‍රසිද්ද නෑ.එත් අපි කල්පනා කරා අපේ මොබයිල් ෆෝන් වලින් එන යාලුවන්ට යන්න අපි අපේ සයිට් එකට  Android Apps එකක් හැදුවා .මම එක යටින් දාන්නම් ඩවුන් ලෝඩ් කරගන්න..

http://files.appsgeyser.com/softlanka.apk
ඉතින් ඔක ඔයාලට ඔය පැත්තේ තියේන සයිට් බාර් එකේනුත් ඩවුන්ලොඩ් කරගන්න පුළුවන්.එහේනම් අපි ගියා කස්ටියටම සුභ දවසක් ඇ...බුදු සරණයි..!!!!!

Friday, January 3, 2014

Microsoft Company Exit to Internet Exploara

       Microsoft අයතනය Internet Explorer ඉවතට දමයි...



 
දුක යනු Microsoft කාරයින්ටත් Internet Explorer එපා වීමයි!.ප්‍රථම වතාවට Microsoft අඩවියේ IE වෙනුවට Firefox මතුවේ.අපි කවදාවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා
එක මෙන්න මෙතන යටින් ගිහිල්ලම බලන්නකෝ බෝරුනම්.


                                                       Go GO GO


Free සහ Open source software වල ගමන කාටවත් නතර කර නොහැක. කිමෙද, Open source software එකක් දියුණු කරන්නෙ එක ආයතනයක දැක්මට අනුකූලව නොව, ලොව වටා සිටින බොහෝමයක් අවංක හා දක්ෂ මිනිසුන්ගේ අදහස් මුසු කරය.

තවත් මෙවගේ පට්ට පුවතක් අරන් එන්නම්.කස්ටියට බුදු සරණයි.!!!!

Thursday, January 2, 2014

Face to PimplesThat Answer..?

                              මුහුණේ කුරුලෑද? මෙන්න විසදුම



ඔයාට වගේම අපි හැමෝටම තියෙන ගැටළුවක් තමා කුරුලෑ කියන්නේ. ඔන්න අද අපි ඔයාට ගෙනාවේ එකට ගැලපෙන නියම විසදුමක්.ඇත්තටම මේක නියම හෙළ වෙද ඔසුවක්. ඔයා කුරුලෑ ආවහම එකට හොදයි කියලා හිතෙන cream එකක් අරගෙන ගානවා.එත් සමහර cream වලින් අපිට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැනේ. 

    සමහර ඒවගෙන් ඔයාගේ මුණේ තියෙන කුරුලෑ වැඩි වෙලා තවත් අසාත්මිකතා ඇති වෙනවා ඒක ඔයා දන්නවනේ.තවත් cream ඒවගෙන් කුරුලෑ නැති වෙලා වෙන වෙන දේවල් සිද්ධ වෙනවා එක ඔයා දන්නා දෙයක් නේ. ඉතින් ඔයා දන්නේ නැති බෙහෙත් වලට වඩා ඔයාම හදාගන්න බෙහෙතකින් ඔයාගේ ප්‍රශ්නේ විසදගන්න තියෙනවා නම් කොච්චර වටිනවාද?


ඉතින් ඔයාට ඒ ප්‍රශ්නෙට තියෙන නියම ආයුර්වේද බෙහෙත් වට්ටෝරුව අපි දෙනවා ඔයාට තියෙන්නේ බෙහෙත් ටික හොයා ගෙන බෙහෙත ඔයා අතින් ම හදාගන්න එකයි.ඔන්න බලන්නකෝ එක කරගන්න හැටි මුලින්ම මේ බෙහෙත් ටික ඔයා හොයා ගන්න ඕනා.

1.අරළු 

2.බුළු 

3.නෙල්ලි

4.සුදුහදුන්

5.ඉරමුසු 

6.වැල්මී ඔබට සැහෙන ප්‍රමාණයක් අරගන්න

ඉතින් ඔයාට තියෙන්නේ මේ බෙහෙත් ටික හොයා ගෙන ඇල්දියෙන් අබරලා මුහුණේ ගාන එකයි.වෙනස ඔයාට ම තේරෙයි අනික තමයි.මේ බෙහෙතෙන් කුරුලෑ විතරක් නෙමෙයි ඔයාගේ මුහුණේ තියෙන කලු ලප ඒවගේම ඇස වට කලු වීම ආදී සියල්ලටම සුව ගෙන දෙන අත්දුටු ඔසුවක්. කරලම බලනන්කෝ වෙනස ඔයාට ම තේරෙයි.

Thursday, December 19, 2013

Nadeesha Hemamali IS UNP Part Southern Election.!

         නදීෂා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් දකුණේ ජන්දයට..

ආන්දෝලනාත්මක පුවත් මවන චරිතයක් වන ටෙලිනාට්‍යය නිලි නදීෂා හේමමාලි දකුණු පළාත් සභාවෙන් ජන්දය ඉල්ලීමට තීරණය කොට ඇත.දේශපාලනයට පිවිසීමට කලක් තිස්සේ ඇය පෙරුම්පුරා ඇතිඅතර කාලයක් පුරා විවිධ දේශපාලඥයන් සමග සිදුකල සාකච්චා වලින් අනතුරුව ඇය සිය දේශපාලන ගමන ඇරඹීම සඳහා එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඇත.ඇයගේ යෙහෙලියක් විසින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මාධ්‍යය හසුරන කිහිපදෙනෙකු සමග ඇතිකරගත් සම්බන්ධතා වලින් අනතුරුව ඇය මෙසේ එක්සත් ජාතික පක්ෂයට එකතු වී ඇත.පසුගියදා නදීෂා සහ ඇයගේ යෙහෙළිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා හමුවී ඇතිඅතර එහිදී ඇයගේ දේශපාලන ගමනේ ආරම්භය නිල වශයෙන් සනිටුහන් කොට ඇත. එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවත් ප්‍රතිපත්ති දේශපාලනයක නියැලෙන බවත් ඇය එහිදී පවසා ඇත.දකුණු පළාත් සභා මැතිවරණයට සන්ධානය නියෝජනය කරමින් අනර්කලි ආකර්ෂා ද තරඟ වදින අතර ගාල්ලේ මනාපය අඩු හෙයින් මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ. 
                                                                                                                                  උපුටා ගැනිම:-Bokka
                                                                                                                                   

Friday, December 6, 2013

Sri Lankan King Hunter. :D

 මේ කියන්නට යන්නේ ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ  සිටින රජහොරු ගැනය




මේ දිනවල ලංකාවේ තිරගත වන අලූත්ම චිත්‍රපටය වී ඇත්තේ රජහොරුයි. මේ කියන්නට යන්නේ චිත්‍රපටයේ රජහොරු ගැන නොව ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනය. රජිව් ශර්මාට අනුව ශ්‍රී ලංකාවේ සාරය උරා බොන රජහොරු බවට පත්වී ඇත්තේ රට පාලනය කරන රාජපක්ෂ පවුලය. රාජපක්ෂ පවුල විසින් චීන ව්‍යාපෘතිවලින් කොමිස් ගිලින ආකාරය රජීව් ශර්මා විසින් 2012 ඔක්තෝබර් මස 25 වෙනි දින www.southasiaanalysis.org/node/1022 නම් වෙබ් අඩවිය මගින් අනාවරණය කර ඇත. රජීව් ශර්මා අනාවරණය කරන ආකාරයට චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සෑම ආයෝජනයකින්ම රාජපක්ෂ පවුලට 10% - 15% ත් අතර කොමිස් මුදලක් හිමිවේ. 2015 වන විට පවුලට ලැබීමට ඇති ස්ථාවර කොමිස් මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.8 ත් අතර ප්‍රමාණයකි. මෙම කොමිස් ගිලගැනීම සඳහා වූ රාජපක්ෂ පවුලේ වෙනම සමාගමක් ගොඩනගාගෙන ඇත. ඒ ගේට්වේ ඉන්ඩස්ටී්‍රස් නම් සමාගමකි. මෙම සමාගමේ සභාපතිවරයා වන්නේ ප්‍රභාත් නානායක්කාරය. මෙම ව්‍යාපාරයේ අනෙක් පාර්ශ්වකරුවා වන්නේ ඩිල්ෂාන් වික්‍රමසිංහය ඩිල්ෂාන් වික්‍රමසිංහ යනු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරෙකු වන නිශාන්ත වික්‍රමසිංහගේ පුතාය. නිශාන්ත වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වරයාය. රාජපක්ෂ පවුලට අයත් මෙම ව්‍යාපාරයේ තවත් කොටස්කරවෙකු වී ඇත්තේ බන්දුල වීරවර්ධන නමැති පුද්ගයෙකි. බන්දුල වීරවර්ධන යනු ශ්‍රී ලංකාවේ ඉපිද බි්‍රතාන්‍යයේ පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙකි. ඩිල්ෂාන් හා ප්‍රභාත් යන දෙදෙනාට අයත් සමාගමක් ලෙස පිහිටුවා ඇති තවත් ආයතනයක් වන්නේ ඇසෙට් නෙට්වර්ක් පුද්ගලික සමාගම හා ඇසෙට් හෝල්ඩින් පුද්ගලික සමාගම යන සමාගම් දෙකය. ඇසෙට් හෝල්ඩින් සමාගම් මැදිහත්වීම මත සිදුකරන ත්‍රිකුණාමල වරාය හා ජැටිය ව්‍යාපෘතිය සඳහා බිලියන පහක මුදල් වැයකර ඇත. ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමද ඉහත ගනුදෙනුවට සම්බන්ධ කරගෙන ඇත. අක්කර 1200 ක් පුරා විහිදුන මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 02 ආයෝජනයක් ලෙසද හැඳින්වේ. අදියර තුනකින් නිමකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාගැනීමට 2011 පෙබරවාරි 23 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇත. රජීව් ශර්මාගේ ලිපියට අනුව රාජපක්ෂලා විසින් ලොවපුරා ප්‍රබල සමාගම් සමග එක්ව ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. ඉන් එකක් වන ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමය. මෙම මූල්‍ය සමාගම මිචෙල් ගෘෘප් ඕස්ටේ්‍රලියා සැල්වා කෝපරේෂන්, ඇසෙට් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන උප සමාගම් 04 කින් යුක්තය. මෙහි මුදල් ලබාගැනීමේ ප්‍රමුඛ කාර්ය කර ඇත්තේ ප්‍රභාත් නානායක්කාරය. ඒ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මතය. චීනය සමග මේ සැඟවුණු ගනුදෙනු ආරම්භ කර ඇත්තේ 2005 බන්දුල වීරවර්ධනගේ මාර්ගයෙනි. ආරම්භය චන්ද්‍රිකා ආණ්ඩුව තෙක් දිවයයි. එවකට චීන සමාගම් සමග කටයුතු කළ ශ්‍රී ලංකා නියෝජිතයා වූයේ බන්දුල වීරවර්ධනය. ඔහු ගනුදෙනු කළ සමාගම බහමා සෙල්වීර ටේ්‍රඩින් ලිමිටඩ්ය. මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමග මොහු චීන සමාගමක් සමග කෙලින්ම සම්බන්ධ වී ඇත. මොහුගේ නමින් චීන සබඳතා ගොඩනගා ගත්තද පසුව ඔහුට එම කාර්යයෙන් ඉවත්කොට එම කාර්ය සඳහා ප්‍රභාත් නමැත්තා පත්කොට ඇත. මොහු මෙම ව්‍යාපාර ඇරඹීමට පෙර ප්‍රභාත් නානායක්කාරට තිබී ඇති වත්කම් ප්‍රමාණය සේවකයන් 200 ක් සේවය කළ zමවුටන්් ජීන්Z නම් තේ වත්තය. මේ වන විට ගණනය කළ නොහැකි තරම් වත්කම් ප්‍රමාණයක් ප්‍රභාත් නානායක්කාර නමට ඇත. චීන ආයෝජන මත පාලම් හා මාර්ග ඉදිකිරීමේදීද ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වී ඇත්තේ ප්‍රභාත් හා ඩිල්ෂාන් සංයෝගයය. රාජපක්ෂ පවුලේ සමාගම් හරහා රාජපක්ෂ පවුලට පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ චීන ව්‍යාපෘතිවලින් කොමිස් මුදල් ලැබී ඇත්තේ මේ ආකාරයෙනි. හම්බන්තොට වරායෙන් අමෙරිකානු ඩොලර් මිලියන 360 කි. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඩොලර් මිලියන 200 කි. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 252 කි. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76.5 කි. ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘතියෙන් කොමිස් කොපමණද යන්න සඳහන් කර නැත. ඒ අනුව 2005 - 2015 කාලය තුළ බිලියන 1.2 සිට බිලියන 1.8 ක් දක්වා වූ කොමිස් මුදලක් රාජපක්ෂ පවුලට ලැඛෙන්නේ චීන ආයෝජනවලින් පමණකි. ශර්මා සඳහන් කරන්නේ චීනය විසින් මේ ආකාරයෙන් රාජපක්ෂ පවුලට කොමිස් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ තමන් සතුකර ගැනීමටය. කුරහන් සාටකගේ ග්‍රාමීය ආරෝපණයේ හයියෙන් බලයට ආ මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් හඳුන්වා ඇත්තේ සර්වපිත්තල පාලනයක් ලෙසය. ලැජ්ජාසහගත පවුල් පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් සමකර ඇත්තේ ලෝකයේ සිටි දූෂිතම පාලකයන් වන සුකර්තෝ, බූතෝ හා මුගාබේගේ පාලනයටය. පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂ විසින් ආශ්චර්ය ලෙස ශ්‍රී ලාංකිකයන්ට පෙන්නූයේ හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මොරගහකන්ද ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපළ යන ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවේ තවත් පරම්පරා ගණනක් ණය කාරයන් බවට පත්කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිවලින් 10% - 15% ත් අතර මුදලක් ගොස් ඇත්තේ රාජපක්ෂලාගේ සාක්කුවලටය. කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පැවැරුණේද චීනයටය. එයින් ලැබූ කොමිස් මුදල කොතෙක්ද යන්න ශර්මා විසින් අනාවරණය කර නැත. එම ලිපිය කටුනායක අධිවේගී මාර්ගය තැනීමට පෙර සකස්වූවක් බැවිනි. රටේ ජනාධිපතිවරයා ලෙස 2005 දී මහින්ද රාජපක්ෂට බලය ලබාදුන්නේ කප්පරක් බලාපොරොත්තු ඇතිවය. බලයට පත්වූ වහාම මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද්දේ ආරක්ෂක ලේකම්වරයා ලෙස අමෙරිකාවේ සිටි තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමය. ඉන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිස්වූ වහාම එම මන්ත්‍රීධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන ලද්දේ තම සොහොයුරා වන බැසිල් රාජපක්ෂය. ඔහුගේ වැඩිමල් සොහොයුරා වන චමල් රාජපක්ෂ කථානායකාවරයා ලෙස පත්කරනු ලැබිණි කථානායකගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහා ඇමැතිවරයා ලෙස පත්කෙරිණ. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. එම මැතිවරණයෙන්ම ඔහුගේ පවුලේ ඥාතියෙකු වන හේමාල් ගුණසේකරද පාර්ලිමේන්තුවට ගත්තේය. ඒ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ භාර්යව වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ සොහොයුරා වන අ. පො. ස. සාපෙළවත් සමත් නැත ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරිණ. වර්තමානයේ ප්‍රධාන රාජ්‍ය ආයතන බොහෝමයක ප්‍රධාන තනතුරු දරන්නේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ය. ශ්‍රී ලාංකිකයන්ගේ හිස මත යෝධ ණය බරක් පටවමින් රාජපක්ෂලා රට ගිලින ආකාරය ශ්‍රී ලාංකිකයන්ට නොතේරුණාට විදේශිකයන්ට එය හොඳින් පෙනීගොස් ඇත. මාධ්‍යවේදී රජීව් ශර්මා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ මකර සෙවනැල්ලට හසුවී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂලාගේ සර්ව පිත්තල ලෝකයට රැවටී ඇති නිසාය.
                                                                                                                            

 
biz.