Friday, November 7, 2014

පෘථිවියේ උතුර දකුණ මාරුවෙයි


වසර 800,000කට පෙර පෘථිවියේ උත්තර් ධ්‍රැවය පිහිටියේ ඇන්ටාක්ටිකාවේය. දක්ශිණ ධ්‍රැවය ආක්ටික් සාගරයේ විය.
 පසුව එය නැවතත් අද ආකාරයට මාරුවිය. 



මෙම මාරුවීම කලින් කලට සිදුවෙන බව විද්‍යාඥයින් කාළයක සිටම දැන සිටියහ. පෘථිවියේ චුම්භක ධ‍්‍රැව මාරු වීම මෙතෙක් සිටියාට වඩා වේගයෙන් සිදුවිය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.


කාලයක් පෘථිවි භූ චුම්භක ක්‍ෂේත‍්‍රය සමාන ප‍්‍රබලතාවයකින් යුක්තව ක‍්‍රියාත්මක වන අතර පසුව එය දුර්වල වී ගොස් ධ‍්‍රැව මාරුවීම සිදුවන බව පැවසේ.  මින් පෙර විද්‍යාඥයින් සිතා සිටියේ ඒ සඳහා වසර 1000ක පමණ කාලයක් ගතවිය හැකි බවයි.

කෙසේවෙතත් එය වසර 100ක් පමණ කාලයක් තුළ සිදුවිය හැකි බව කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් පවසා තිබේ.

මේ සඳහා ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායම ඉතාලියේ සල්මෝනා ද්‍රෝණි ප‍්‍රදේශයේ ඇති ඉපැරණි විලක අවසාදිත කොටස් පිරික්සා ඇත.  එහි චුම්භක සංවේදී ඛනිජ වර්ග ඇති අතර පෘථිවියේ චුම්භක ක්‍ෂේත‍්‍ර බල රේඛා එම අවසාදිත තුළ සටහන් ව ඇතැයි වාර්තා වේ.

චුම්භක ධ‍්‍රැව වෙනස් වීමට අදාළ රේඛා සටහන් මින් වසර 786000ට පෙර සටහන්ව ඇතැයි විද්‍යාඥයින් විසින් අනාවරණය කර ඇති අතර ඒ අසල වෙනත් රේඛා සටහන් නොමැති වීම විසින් මෙය ඉතා වේගවත්ව සිදුවන්නට ඇති බව ඔවුන්ගේ අදහසයි.

මේ වන විට පෘථිවි චුම්භක ක්‍ෂේත‍්‍රය දශකයක් තුළ 5%ක පමණ වේගයකින් දුර්වල වෙමින් ඇති අතර යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට අනුව තවත් වසර 2000කින් පමණ මීළග ධ‍්‍රැව මාරුව සිදුවනු ඇත.

මෙම සංසිද්ධිය මිනිස් වර්ගයාට බලපානු ඇති ආකාරය පිළිබඳව වැඩිදුර අධ්‍යනය කළ යුතුව ඇති බව භූ කාලනිර්ණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක පෝල් රෙනේ පවසා තිබේ.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.