Showing posts with label C# සිංහල පාඩම් මාලාව. Show all posts
Showing posts with label C# සිංහල පාඩම් මාලාව. Show all posts

Friday, January 10, 2014

C# sinhala Lesson 2

                      C# සිංහල පාඩම් මාලාව ( 2 කොටස )

ආයුබෝවන් අපි සමග රැදී සිටිට හැමෝටම. C# සිංහල පාඩම් මාලාවේ පලමු පාඩමත් එක්කම වගේ දෙවන කොටසත් දෙන්නෙ තාම අපි කතාකරන්නෙ C# වල මූලික කරුණු නිසායි.
හොදයි අද අපි දෙවන පාඩමින් Microsoft Visual Studio 2013 වල අතුරු මුහුණතේ ( Interface ) ඇති දෑ ගැන දැනගමු. මෙය ඉතා වැදගත් වනු ඇත. මන් මෙහි මූලිකව වැදගත් වන සියල්ලෙහි Interface හා ඒ එකිනෙකින් වන දෑ කෙටියෙන් විස්තර කර ඇත. මෙහි ඇති රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක. 
Microsoft Visual Studio 2013 ඔබේ පරිගනකයට Install කර ගත් පසු open කිරීමේදී ඔබට දිස් වන්නේ මේ ආකාරයටයි. පළමු විවෘත කිරීමේදී නම් ඔබට Theme එකක් තෝරා ගැනීමට එනව. ඉතින් ඔබ කැමති එකක් තෝරන්න. 

ඉන් පසු ඔබට දිස් වන්නෙ පහල තිබෙන ප්‍රධාන Interface එකයි. මෙයින් ඔබට අලුත් Project එකක් ආරම්භ කිරීමට, Projectඑකක් Open කර ගැනීමට හැක. එමෙන්ම ඔබ කලින් කල Project ද මෙහි දිස්වේ. රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක


ඔබ මෙයින් New Project යන්න තෝරන්න. එවිට ලැබෙන්නේ පහත ආකාරයෙ Dialog Box එකකි.






රූපයේ ආකාරයට ඔබට වම් පස පැනලයෙන් Visual C# යන්න මූලිකව තෝරා  එයින් Windows යන්න තෝරා ගත හැක. ඉන් පසු මැද ඇති පැනලයෙන් Windows Form Application යන්න තෝරා Name ඉදිරියෙන් ඔබ සාදන Project එකේ නම ලබා දී එය Save වීමට අවශ්‍ය තැන Location ඉදිරියෙන් ලබා දිය යුතුය. මේ සදහා Brows Button එක යොදා ගත හැක. මෙම සැකසුම් නිවැරදිව සිදුකිරීම අනිවාර්ය වේ. එම සැකසුම් වලට පසුව OK කල යුතුය. ඉන් පසුව ලැබෙන්නේ පහත ආකාරයේ Main Interface එකකි.


මෙහි ඇති වැදගත් දෑ මන් විස්තර කර ඇති බැවින් රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක. මෙම මූලික දෑ ඔබට ප්‍රමාණවත්වනු ඇත.
Toolbar එකේ වැදගත් දේ මන් පහලින් දක්වා ඇති බැවින් රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක.
මන් මෙම දෙවන පාඩමින් ඔබට ඉදිරිපත් කලේ Program ලිවීමට ප්‍රථමයෙන් ඔබ දැන ගත යුතු මෙන්ම ඔබගේ ඇසට හුරු කර ගත යුතු විශේෂ දෑය. අපි තුන් වන පාඩමින් C# වල මූලික සංකල්ප ගැන සාකච්ඡා කරමු. කියවන අයට ගොඩක් කම්මැලි ඇති. ඒත් මූලික දේවල් නැතුව ඉස්සරහට ගියොත් අමාරු වෙනව තේරුම් ගන්න. ඒ නිසා අපි මේ මූලික දේවල් ඉක්මනට ඉවර කරල ගොඩක් ආස හිතෙන දේවල් වලට යමු. අද පාඩම කෙටි උනාට මේ අත්තිවාරම නැතුව ඉදිරියට යන්න බෑ. ඉතින් අපි ඊලග පාඩමින් හමුවෙමු.  ගැටලු තියනවනම් අපට ඉදිරිපත් කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Sunday, January 5, 2014

C# සිංහල පාඩම් මාලාව ( 1 කොටස )

Soft Lanka වෙත මම ලියන පළමු ලිපියයි මේ. මම නමින් හර්ෂ සමරනායක. හොඳයි අද සිට මම ඔබට පරිගනක ක්‍රම ලේඛන භාෂාවක් (Programming Language) වන Microsoft Visual C#.Net පරිගනක ක්‍රම ලේඛන භාෂාව ගැන සරල සිංහල පාඩාම් මාලාවක් ගෙන ඒමට සූදානම්. මුලින්ම කියන්න ඕනෙ මේක C හෑෂ් නෙවෙයි C ෂාප්.

C# කියන්නේ වාණිජ මට්ටමේ මෘදුකාංග නිර්මාණය කළ හැකි පරිගනක ක්‍රම ලේඛන භාෂාවක් (Programming Language).  මෙය අපි කවුරුත් දන්නා Microsoft  සමාගමේ ක්‍රම ලේඛන භාෂාවකි. ඒ කියන්නෙ ගොඩක් දියුණු Programming Language එකක්. ප්‍රධාන වශයෙන් මෙම ක්‍රම ලේඛන භාෂාවෙන් Console Application, Desktop Application මෙන්ම Web Application ද නිර්මාණය කළ හැක. එහෙත් අප මෙම පාඩම් මාලාවෙන් සාකච්ඡා කරනුයේ Desktop Application පිළිබඳවයි.

Console Application
Console Application යනු Graphical User Interface එකකින් තොරව Command Prompt (CMD) වැනි Console එකක Run වන Programs ය. මුල් කාලයේ පැවතියේ මෙවැනි Application ය.

Desktop Application
Desktop Application යනු අපි දැනට සාමාන්‍යයෙන් භාවිතා කරන Application ය. Graphical User Interface එකක් සහිතව මේවා ක්‍රියාත්මක වේ. එනම් සාමාන්‍ය Windows තුල Run වන Programs ය.

Web Application
Web Application යනු වෙබ් තාක්ෂණය යොදා ගනිමින් වෙබ් බ්‍රව්සර් එකකින් open වන ඕනෑම තැනක සිට Accsess කළ හැකි Programs ය. මේවා Severs තුල ගබඩා කොට භාවිතා කරයි. Bank වල භාවිතා කරනුයේ මෙම Web Application ය. ඒ මන්ද යත් රට පුරා ඇති සේවා ජාල වල තොරතුරු වලට රටේ ඕනෑම ශාඛාවක් මගින් ඇතුල් වීමට හැකියාව තිබිය යුතු නිසාය.

මෙම Programming Language එක Case sensitive Language එකක්. එනම් මෙම භාෂාව තුල Capitel Letters හා Simple Letters වලින් යෙදෙන එකම වචනයක් වුවත් එම වචන දෙක එක වචනයක් සේ නොසලකයි.   එනම් Apple, APPLE, aPPle යන වචන 3ම ඇපල් උවත් මෙහිදී එය වචන 3ක් සේ සලකයි. තවද C# යනු .NET Framework පාදක කොටගත් ක්‍රම ලේඛන භාෂාවකි.

අපි දැන් බලමු මේ .NET Framework  කියන්නෙ මොකක්ද කියලා. එක එක ජාතියේ මෙහෙයුම් පද්දති වලට විධාන දෙන්න ඕනේ එක එක විදියට. එහෙම උනාම වෙනස් ජාතිවල මෙහෙයුම් පද්දති වල වැඩකරන්න නම් වෙනස් විදිවලට ක්‍රමලෙඛන සකස් කරන්න ඕනේ. කොටින්ම කියනවා නම් අපි C# කියන ක්‍රමලේඛන භාෂාව භාවිතා කරලා වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් තුල වැඩකරන්න හදන වැඩසටහනක් ලිනක්ස් මෙහෙයුම් පද්දතියක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ දුර්වලතාව මගහැරගන්න මැද්දට ආවා පරිවර්තකයො. එයාලා කරන්නේ අපි ලියන එක වැඩසටහනක් එක එක මෙහෙයුම් පද්දති වල වැඩ කරන්න සකස් කරවන එක. ඒ ජාතියේ පරිවර්තකයෙක් තමා .NET Framework එක කියන්නේ. මේ .NET Framework අපි වැඩසටහන ක්‍රියාත්මක කරන මෙහෙයුම් පද්දතිය මත .NET Framework for Windows, .NET Framework for Linux යනුවෙන් වෙනමම ලබාගන්න තියෙනවා. මෙහි අනු කන්ඩද වෙන වෙනම තියනව එනම්.
  1. .NET Framework 1.0
  2. .NET Framework 1.1
  3. .NET Framework 2.0
  4. .NET Framework 3.0
  5. .NET Framework 3.5
  6. .NET Framework 4.5
  7. .NET Framework 4.5.1
හුගක් මෙහෙයුම් පද්දති වලනම් මෙම .NET Framework ස්ථාපනය (install) වෙලාම එනවා. මොකද අපි C# භාෂාව භාවිතා කරලා ලියන වැඩසටහනක් වින්ඩෝස්, ලිනක්ස් වැනි වෙනමම මෙහෙයුම් පද්දති භාවිතා කරන පරිඝණක වල භාවිතා කල හැක. එයට කියන්නේ Platform Independence කියලා. ඉතින් මේ කිව්ව .NET Framework එක උඩ වැඩ කරන ක්‍රමලේඛන භාෂා ඇතුලු අනෙකුත් තාක්ෂණ වලට තමා .NET Technologies කියන්නේ. ඔයාලත් සමහර softwares install කරන්න ගියාම මේ .NET Framework install කරන්න කියනව නේද? ඒ එක එක software වලට ඕනෙ .NET Framework Vesion එක පරිගනක වල නැත්තම් කරන ඉල්ලීමක්. ඉතින් .NET Framework ගැන කිව්වා ඇතිනෙ. පහත ආකාරයට තමා C# වලින් හදන Application එකක් OS එක හා සම්බන්ධ වී Run වන්නෙ.
 

අපි යමු අපේ පාඩමට. C#  වලින් වැඩ කිරීමට අපට Visual Studio.NET  නම් Development Tool  එක අවශ්‍ය වෙනව. මේකත් Microsoft සමාගමේ අනර්ග නිපැයුමක්.  ඉතින් අපේ ඉදිරි පාඩම් සදහා මෙම මෘදුකාංගය ඔබට අවශ්‍ය වන නිසා ඔයාලට ඒක අපගේ බ්ලොග් අඩවියෙන්ම  Download කර ගැනීමට හැකියාව ඇත. මෙය තරමක් විශාල ගොනුවක් වන නිසා Download කර ගැනීමට හැකියාව නොමැතිනම් නිවසටම ගෙන්වා ගැනීමට අපට e-mail කරන්න.  itdanumabedagamu@gmail.com
http://www.sadev.co.za/files/VS_Purp256_rgb-1.png
Microsoft Visual Studio 2008, 2010, 2012  ලෙස මෙහි Version  තිබුනත් මෙහි අලුත්ම Version එක වන්නේ Microsoft Visual Studio 2013 ය. මෙහිත් Ultimate, Premium, Professional, Test Professional හා Team Foundation Server අනු කොටස් තිබුනත් අපේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නේ Microsoft Visual Studio 2013 Ultimate යොදා ගෙන වුවත් ඊට පෙර ආ සංස්කරණ වලිනුත් කිසිදු අපහසුතාවයකින් තොරව ඔබට අපගේ පාඩම් මාලාව හා සම්බන්ධ විය හැක. තව දෙයක් කියනවානම් Microsoft Visual Studio යන Development Tool  එකෙන් Develop කළ හැක්කේ C# මගින් කරන මෘදුකාංග පමණක් නොවේ. Visual Basic, Visual C++, Visual F#, JavaScript, Phython වැනි Programming Language වලටද මෙය සහය දක්වනව. 

මෙය පළමු කොටස නිසා කෙටි හැදින්වීමක් පමණයි ඔබට ලබා දෙන්නෙ. තවත් පොඩි පොඩි කරුණු තිබුනත් කියන්න එවා පාඩම් මාලාව අතරතුර කියන්න බලාපොරොත්තු වෙනව. ඉතින් අපි මෙම ලිපි පෙලේ දෙවන කොටසින් Microsoft Visual Studio 2013 හි අතුරු මුහුනත් පිලිබදව ඔබට හදුන්වාදීමට සූදානම්. එතැන් පටන් සරල දේ සිට ඉතා සංකීර්ණ දේ දක්වා මා ඔබට පහදා දීමට සූදානම්. ගැටළුවක් වෙතොත් අපගේ Facebook Group එක මගින් හෝ බ්ලොගයේ Comment කර ඉදිරි පත් කරන්න. 
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

 
biz.