Showing posts with label Features. Show all posts
Showing posts with label Features. Show all posts

Friday, November 7, 2014

ඇදහිය නොහැකි විස්මයජනක ලොව විශාලතම කූඹි ගුල (VIDEO)



ලොව විශාලතම කූඹි ගුල මෙම වීඩියෝවෙන් සහ ඡායාරූපවලින් දැක්වේ.මෙය 2012 වසරේදී සොයා ගත්ත ද එහි ඇති විස්මිතභාවය නිසා ම අපගේ පාඨකයින් වෙනුවෙන් එය පළ කිරීමට තීරණය කළෙමු
.
වංකගිරියක් වැනි සංකීර්ණ නිර්මාණයක් වූ මෙම කූඹි ගුල අහම්බයකින් හමුවී ඇත්තේ, බ්‍රසීලයෙනි.
කූඹින් විසින් අත්හැර දමා තිබූ මෙහි අන්තර් පිහිටීම සොයා ගැනීම සඳහා විද්‍යාඥයෝ අපූරු ක්‍රමවේදයක් භාවිත කළහ.
ඒ, කූඹි ගුලෙහි දොරටුවෙන් කොන්ක්‍රීට් දියරයක් ඇතුළු කිරීම ය.
පසුව එම දියරය වේළුණු පසු එම කූඹි ගුල හෑරීම ආරම්භ කෙරිණි.
කොන්ක්‍රීට් ඝන වී ඉතිරිව ඇති කොටස ඔවුන්ගේ කූඹි ගුල ය.
මෙම කූඹි ගුල සැකසීම සඳහා කූඹින් විසින් හාරා ඉවත් කර ඇති පස් ප්‍රමාණය ටොන් 40ක් පමණ වන බව ගණන් බලා තිබේ.
මෙහි සිට ඇති කූඹි සංඛ්‍යාව මිලියන ගණනක් වන අතර කූඹින් සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීම සඳහා ද මෙහි විශේෂ ආරක්ෂක කපොලු, හදිසි දොරටු ආදිය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
මෙම විස්මයජනක නිර්මාණයෙන් අපට හැඟෙනුයේ, ලෝකයේ අප දන්නා දේට වඩා නොදන්නා දේ වැඩි බව ය.

Friday, October 3, 2014

ඔබගෙන් සහයක් අත්‍යඅවශ්‍යයි..!!!

යාලුවනේ දැනට අපි මේ අපේ WanGuva.com එක හදලා Publish කරලා සති 3 ක් වගේ කාලයක් තමයි වෙන්නේ....ඉතින් යාලුවනේ අපේ මේ Forum එකේ Membars ලා ඉන්නේ 80 ක් වගේ ගාණක්.ඉතින් යාලුවනේ අපිට අපේ බලා පොරොත්තුව තියෙන්නේ ලංකාවේ හෝදම අධ්‍යාපනික,දැනුම,සතුට පිරි හොදම Forum එක කරන්න.ඉතින් එකට අපිට තනියම කරන්න බෑ.ඒ නිසා අපිට ඔයාලගේ උදවු අවශ්‍ය වෙනවා.ඉතින් ඔයාලට කරන්න තියේන්නේ මෙච්චරයි මම ඔය යටින් දලා තියේන Embed Code එක Blog/Website තියෙන කාණ්ඩේ දා ගන්න.!!!.එහේම නැති කාණ්ඩේ පුලුවන් පුලුවන් විදියට තමන්ගේ Facebook Group,Page,Profile,Wall,Massage කරන්න පුලුවන් ඔක්කෝම කරන්න.....පුලුවන් තරම් Share කරන්න...

Blog/Website Widget Code


 



Facebook Share




ඔබට හැකිතාක් මෙය Share කරන්න.....

Friday, April 11, 2014

All of Password Change Danger Alarm.!

සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට අනතුරු ඇඟවීමක්!

 සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට අනතුරු ඇඟවීමක්!

ලෝකයේ සියලු ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සියලු රහස් පද (passwords) වෙනස් කරන ලෙසට ජාත්‍යන්තර දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කර තිබේ.
ඒ, පවතින රහස් පදවල (passwords) ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් විශාල දෝෂයක් පවතින බවට අනාවරණය වීම හේතුවෙනි.
Yahoo සමාගම ඉල්ලා සිටින්නේ, සියලු රහස් පද වෙනස් කරන ලෙස ය.
විශේෂයෙන් ඊමේල්, බැංකු (Banking) සහ ලිපිගොනු (File storage) සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස එම සමාගම විශේෂයෙන් දැනුම් දී තිබේ.
මේ අතර, Heartbleed Bug නමැති ඉන්ටර්නෙට් වෛරසයක් පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත.
මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස Google සමාගම ද අනතුරු අඟවා තිබේ.

Microsoft Company Idea in World Computer 3%2-1 Danger.!


Microsoft සමාගමේ තීරණයෙන් ලෝකයේ පරිගණකවලින් තුනෙන් එකක් අනතුරේ!


 Microsoft සමාගමේ තීරණයෙන් ලෝකයේ පරිගණකවලින් තුනෙන් එකක් අනතුරේ! වසර 12කට පසු Windows XP මෙහෙයුම් පද්ධතිය (operating system) සම්බන්ධ සියලු සහයක නතර කිරීමට Microsoft සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, ලබන අඟහරුවාදා සිට Windows XP තාක්ෂණික වශයෙන් යල් පැන ගිය මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකීමට Microsoft පියවර ගනු ඇත.
තාක්ෂණික විශේෂඥයින් අනතුරු අඟවනුයේ, අඟහරුවාදා සිට ලොව පරිගණකවලින් තුනෙන් එකක් වෛරසයන්ට සහ සයිබර් ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානමක් පවතින බව ය.
ලබන අඟහරුවාදා සිට මෙම මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර නොකරන අතර එහි ආරක්ෂණ යාවත්කාලීන කිරීම් (security updates), දෝෂ නිරාකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග (hot fixes), තාක්ෂණික යාවත්කාලීන කිරීම් (online technical content updates) හෝ සියලු ම තාක්ෂණික සහයයන් ලබා දීම පමණක් අත්හිටුවනු ඇත.
මෙම ක්‍රියාමාර්ගය ත් සමග මේ වන විට Windows XP භාවිත කරන පරිගණකවල පවතින දෝෂ නිරාකරණය නොවී පවතිනු ඇත.
යුරෝපා සයිබර් අපරාධ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, Windows XP සහිත පරිගණයකින් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වුවහොත් එම පරිගණක සයිබර් ප්‍රහාරකයන්ට ලෙහෙසියෙන් ම ගොදුරු වීමේ අවදානමක් පවතින බව ය.
මේ අතර, ලොව පුරා ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් 95%ක පමණ Windows XP භාවිත වන බව ද අනාවරණය වී තිබේ.

Tuesday, March 4, 2014

Android Version Histry

                                    Android සංස්කරණ ඉතිහාසය

Android කියන්නේ Google ලාගේ Linux පදනම් කරගෙන සැලසුම් කරපු මෙහෙයුම් පද්දතියක් ,ප්‍රදාන වශයෙන් මෙ මෙහෙයුම් පද්දතිය පාවිච්චි කරන්නේ Smart Phone සහ Tablet පරිගණකයි.මුලින්ම 2003 ඔක්තෝබර් මාසයේදී Andy Rubin,Rich Miner, Nick Sears සහ Chris White විසින් සොයාගන්නා ලදී.ඊටපස්සේ 2005 අගෝස්තු මාසයේදී Google සමාගම විසින් Android තමා සතුකරගන්නා ලදී. 

(1) මේ සිද්දි වලින් පස්සේ පලවෙනි Android සංස්කරණ Android 1.0 නමින් 2008 සැප්තැම්බර් මාසයේදී HTC Dream (G1) දුරකතනයෙන් ප්‍රසිද්දියට පත්කරා



(2) ඔන්න ඉතින් 2009 අප්‍රේල් මාසයේදී Android 1.5 Cupcake නමින් ප්‍රසිද්දියට පත්කරා,මේ තැන ඉදන් තමයි Android මෙහෙයුම් පද්දතියට කෑම (අතුරු පස)වල නම් දාණ්ඩ පටන් ගත්තේ.මේ සංස්කරණයෙදී තමයි කැමරා වෙන් video කිරීමේ සහ video බැලීම ,Picasa සහ youtube වලට පින්තුර සහ video upload කිරීමේ හැකියාව මුලින්ම ලබා දුන්නේ.
Cupcake කියන්නේ Cup එකක් හැඩයක අච්චුවක බෙක් කරපු පොඩි කේක් එකක්. 




(3) Android 1.6 Donut සංස්කරණ 2009 සැප්තැම්බර් මාසයේදී ප්‍රසිද්ද කරා.මේ සංස්කරණයේ තමයි මුලින්ම Voice Search කිරීමේ හැකියාව ලබාදුන්නේ.ඒ වගේම Multi touch පහසුකමත් මේ සංස්කරණයෙදී තමයි මුලින්ම හම්බෙන්නේ. 
Donut කියන්නේ පාන්පිටි වලින් මුදු හැඩයට හදල ගැබුරු තෙලේ බැදගත්ත අතුරුපසක් .




(4) Android 2.0 / 2.1, i.e. Eclair නමින් 2009 ඔක්තෝබර් මාසයේදී ප්‍රසිද්දියට පත්කරා.මේ සංස්කරණයෙදී තමයි මුලින්ම Live walpaper එකතු කරලා තිබුනේ.අනික් Android සංස්කරණ වලට වඩා මේ සංස්කරණ යේ වේගය වැඩිකරලා තිබුනා.
Eclair කියන්නේ දිගටි හැඩයක් තියෙන Cream puff එකක්.




(5) Android 2.2, i.e. Froyo නමින් 2010 මැයි මාසයේදී එළිදැක්වුනා.මේ සංස්කරණයෙදී camera එක පාලනය කරන buttons තිරයමත දිස්වන විදිහට සකස් කරලා තිබුන.ඒවගේම පළමු වතාවට USB Tethering සහ WIFI HOTspot ඔප්ෂන් ලබාදීලා තිබුන.
Froyo කියන්නේ මිදුණු යෝගට් වලින් සාදන අතුරුපසක්.



6) Android 2.3, i.e. Gingerbread නමින් 2010 දෙසැම්බර් මාසයේදී ප්‍රසිද්ද කරා.මේ සංස්කරණය මුලින්ම එන්නේ SAMSUNG NEXUS S කියන දුරකථනය එක්කයි.මේ සංස්කරණය තමයි දැනට Android වල ජනප්‍රියම සංස්කරණය.මේ සංස්කරණයේ දී තමි පලවෙනි වතාවට Camera දෙකක් සමග ක්‍රියාකරන Android සංස්කරණය.ඒ වගේම NFC පහසුකම මුලින්ම අවෙත් මේ සංස්කරණය එක්ක. 
Gingerbread කියන්නේ ඉගුරු යුශ පාන්පිටි වලට මිශ්‍ර කරලා හදන කේක් වර්ගයක්. 




(7) Android 3.0 සංස්කරණ Honeycomb නමින් 2011 පෙබරවාරි මාසයේ දී එළිදැක්වුනා.මේ සංස්කරණය විශේෂයෙන්ම හදල තිබුනේ Tablet පරිගණක වලටයි. මේ සංස්කරණය Multi core Processor සමග වැඩකළ හැකි විදිහට නිර්මාණය කරලා තියෙනවා. Honeycomb කියන්නේ මී වදයට.


(8)Android 4.0 සංස්කරණය Ice Cream Sandwich (ICS) නමින් 2011 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරා.මේ සංස්කරණයට wifi direct support සහ face unlock අලුතින් එකතුකරලා තිබුනා.
Ice Cream Sandwich කියන්නේ චොකලට් බිස්කට් දෙකක් අතරට දමන ලද Ice Cream තට්ටුවක් . 




(9)Android 4.1: Jelly Bean නමින් 2012 ජුලි මාසයේදී ප්‍රසිද්ද කරා .මේ සංස්කරණයට USB audio සහ Google wallet පහසුකම් එකතුකරලා තිබුනා. 



(10) Android 4.4: Kit-kat නමින් 2013 සැප්තැම්බර් මාසයේදී අපු නවතම Android සංස්කරණයයි.පළවෙනියටම මේ සංස්කරණය එළිදැක් උනේ Nexus 7 Android tablet උපාංගය සමගයි. 
Kit-kat කියන්නේ චොකලට් වලින් වටකරපු කුඩා බිස්කට් වලටය.



Android සංස්කරණය උපාංග ප්‍රතිශතය

1.6 Donut 0.20% 
2.0 Eclair 2.40%
2.2 Froyo 9.00% 
2.3 Gingerbread 47.60% 
3.0 Honeycomb 1.50% 
4.0 ICS 29.10% 
4.1 Jelly Bean 10.20%

Wednesday, February 26, 2014

Pirate Bay Torrent Network Go to Could

         Pirate Bay ටොරන්ට් ජාලය වළාකුළට යයි

ලොව ජනප්‍රියම බිට්-ටොරන්ට් ජාලය ලෙස සැළකෙන "පයරට් බේ" ටොරන්ට් ජාලයේ නිර්මාතෲවරුන් සිය ටොරන්ට් සේවාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යවන සර්වර් සියල්ලම අන්තර්ජාලයේ "ක්ලව්ඩ්" සේවාවක් වෙත ගෙනගොස් ඇතැයි වාර්තාවේ. 

මේ වනවිට බටහිර රටවල් (අමෙරිකාව හා බටහිර යුරෝපය) බුද්ධිමය දේපොල අන්තරජාලය හරහා බාගත කිරීම් වැලැක්වීම සඳහා නීති දැඩි කොට ඇති අතර ඒවා ඉතා දැඩිලෙස ක්‍රියාත්මක කරමින් නොමියේ බුද්ධිමය දේපොල ලෙස සැලකෙන පරිගණක මෘදුකාංග, ක්‍රීඩා, චිත්‍රපට හා රූපවාහිනී නාට්‍ය මෙන්ම සංගීත නිර්මාණ බාගත කරගැනීමට ඉඩ සලසන සේවා වසා දමමින් ඒවායේ හිමිකරුවන් අත් අඩංගුවට ගනිමින් සිටිති.

මේ වනවිටත් කලක් ඉතා ජනප්‍රියව පැවති Rapidshare, Megaupload වැනි file-share සේවා මෙන්ම isoHunt වැනි බිට්-ටොරන්ට් ජාල වසාදමා ඇත. තවත් ජනප්‍රිය ටොරන්ට් අඩවි ගණනාවක් ඉදිරි මාසකිහිපය තුල ක්‍රියා විරහිත කරවන බව ඒවායේ හිමිකරුවන් මාධ්‍ය නිවේදන මගින් දැනුම්දී ඇත. මේ සඳහා හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ නිරන්තරයෙන් සිය සේවා ආයතන එම රටවල පොලීසි මගින් වටලා උපකරණ අත් අඩංගුවට ගැනීමත්, ඒවායේ හිමිකරුවන්ද අත් අඩංගුවට ගෙන කෝටි ගණනින් වන්දි ඉල්ලා නඩුදැමීමේ ප්‍රවනතාවයක්ද මතුවෙමින් පැවතීමයි. නොබොදා  අයිසොහන්ට් ටොරන්ට ජාලයේ හිමිකරු වන ගැරී ෆන්ග්ට බුද්ධිමය දේපොල නීතිවිරෝධීව බෙදාහැරීමට දායකවීමේ වරදට ඩොලර් මිලියන 110ක වන්දියක් ගෙවීමට නියමකරන ලදී.

වැඩිම ඔරොත්තුදීමේ හැකියාවක් ඇති බිට් ටොරන්ට් ජාලය (The most resilient bit-torrent site) ලෙස තමන්ව හඳුන්වාගන්නා පයරට්-බේ ජාලය මෙම නිරන්තර තර්ජනයෙන් ගැලවීමේ උපක්‍රමයක් ලෙස මෙහෙයුම් කටයුතු සියල්ලම අන්තර්ජාල ක්ලව්ඩ්-සර්වර් සේවාවක් මත ස්ථාපනය කොට ඇත. පයරට්-බේ හිමිකරුවන් පවසන අන්දමට ක්ලව්ඩ් සර්වර් සේවාවක් මගින් ලැබෙන ආරක්ශාවට අමතරව ඉතා ඉක්මණින් හා අඩු වියදමකින් සේවාවන් පුලුල් කිරීමේ හැකියාව මෙන්ම මෙහෙයුම් කටයුතු අඩු වියදමකින් කරගැනීමේ හැකියාවද තමන්ට ලැබී ඇත.

ක්ලව්ඩ් සර්වර් පන්නයට අනුවර්තනය වීමෙන් පසුව පයරට් බේ  සේවාවට සිය අනන්‍යතාවය සඟවාගෙන සේවා පවත්වාගන්නට හැකි බව පැවසේ. ක්ලව්ඩ්-සර්වර් සේවාව ලබාදෙන සේවා දායකයාට එම සේවාව භාවිතා කරන්නා එය කුමන කටයුත්තක් සඳහා භාවිතාකරන්නේද යන්න දැන ගැනීමේ හැකියාව අවම වන අතර එම සේවාවන් ලබාදෙන සර්වර් වෙනස් රටවල් කිහිපයක ක්ලව්ඩ් සේවා ලබාදෙන ආයතන ගණනාවක් අතර පතුරවා ඇති අතර මේ අනුව එක් එක් රටවල ජාතික පොලිසී හෝ ආරක්ශක අංශ මින් එක් ක්ලව්ඩ් සර්වරයක් කෙසේ හෝ වසා දැමුව හොත් ඉන් පයරට් බේ ජාලය අඩපණවීමක් සිදු නොවේ.

පයරට් බේ සේවාවේ ආරම්භක සර්වරය පරිගණක කෞතුකාගාරයක ප්‍රදර්ශණයට!



2003 වසරේදී ඇරඹි පයරට් බේ සේවාවට 2013 සැප්තැම්බරයේදී වසර 10ක් සපිරෙන අතර මේ සේවාව ආරම්භකල ගොට්ෆ්‍රිඩ් වාර්ග් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර  සිය දෙමව්පියන්ගේ නිවසේ කාමරයක ඇඳක් යට තබාගෙන පයරට් බේ සේවාව ක්‍රියාත්මක කල පරිගණකය ස්වීඩනයේ ලින්කොපීන්ග් නුවර "The Computer Museum " නම් පරිගණක කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇත.

බිට් ටොරන්ට් ගොනු බාගතකිරීමේ සේවාව මුල් වරට ආරම්භ කරමින් පරිගණක ජාල ලෝකයේ විප්ලවිය වෙනසක් සිදුකල, සමහරුන් ඉතා ආදරය කරන, සමහරුන් දැඩිලෙස පිලිකෙව් කෙරෙන, ලොව පුරා දැවැන්ත විවාදයකට මුලපුරූ "ද පයරට් බේ" ජාලයේ උපත සැමරීමට වෙනුවෙන් මෙය ප්‍රදර්ශණය කරන බව මෙම පරිගණක කෞතුකාගාරයේ අභිරක්ෂක (curator) වන තෝමස් ක්ලිෆර්ඩ් පවසයි.


 
  
උපුටා ගැනිමක්

මෙය ගැන ඔබගේ අදහස් දක්වන්න

Tuesday, January 28, 2014

Southern Korean Search for 5G

                        දකුණු කොරියාවෙන් සොයා ගත් 5G


ලෝකයේ දියුණු රටවල් රාශියක් 4G අන්තර්ජාල සේවය ව්‍යාප්ත කිරීමට සැරසෙද්දී දකුණු කොරියාව විසින් 5G සඳහා මුදල් ආයෝජනය කර තිබේ.

දැනට දකුණු කොරියාවේ තිබෙන 4G හරහා උපරිමව තත්පරයට මෙගාබයිට් 75ක් ඩවුන්ලෝඩ් කරගත හැකිය. ඒ අනුව මෙගාබයිට් 800ක චිත්‍රපටයක් බාගත කිරීමට තත්පර 40ක් ගතවේ. නමුත් 5G වලින් ඒ සඳහා ගතවන කාලය තත්පරයකි.

ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සබඳතා තිබෙන රටවල් 10 අතර දකුණු කොරියාවද සිටී. ඇමරිකාවේ අන්තර්ජාලවේගයන්ගේ සාමාන්‍ය අගයට වඩා දකුණු කොරියාවේ වේගය 65%කින් වැඩිය
මෙම 5G ව්‍යාපෘතිය සඳහා සඳහා ඔවුන් විසින් ඩොලර් බිලියන 1.5ක් ආයෝජනය කර තිබෙන බවයි එරට විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ.මෙම ව්‍යාපෘතියේ අත්හදාබැලීමේ කටයුතු තවත් වසර 3කින් හෙවත් 2017දී ආරම්භ කරන අතර 2020 දී එරට ජනතාවට 5G ජාලය භාවිතා කළ හැකිය. අල්ට්‍රා HD වීඩියෝ හා හොලෝග්‍රම් වීඩියෝ සම්ප්‍රේෂනය සඳහා මෙය බොහෝ ප්‍රයෝජනවත්වේ යැයි අපේක්ෂා කරයි.
  ලෝකයේ ජංගම දුරකථන නිෂ්පාදනයෙන් 30%ක බලය අල්ලා සිටින්නේ කොරියාවයි. එම නිසා LG හා සැම්සුන් සමාගම් හා එක්ව 5G සඳහා අවශ්‍ය ජංගම දුරකථන ඉදිරියේදී නිපදවීමටද දකුණු කොරියාව බලාපොරොත්තුවේ.
   පසුගිය මැයි මාසයේ සැම්සුන් සමාගම විසින් නිවේදනය කළේ තම සමාගම 5G ජාලය අත් හදා බැලූ බවයි. ඒ අනුව ගිගාබයිට් එකක් තත්පරයත් තුලදී කිලෝමීටර් 2ක දුරක් යවා පරීක්ෂා කර තිබේ. ඒ සඳහා ඇන්ටනා 64ක් භාවිතා කර තිබුණි.

Monday, January 6, 2014

You Horoscope For 2014

2014 නව වසර සඳහා සියලු ලග්න වලට සවිස්තරාත්මක පොදු පලාපලය

 
 මේෂ ලග්නය
වසර ආරම්භයම යම්කිසි සුබාසුබ මිශ්‍රව ප්‍රතිඵල ලැබෙන කාලයකි. කරන කියන වැඩ කටයුතු සාර්ථක වීමට නව වසරේදී පුලුවන.

ධනය :
ධන තත්වය යහපත් වේ. ඒ 2014 වසරේ මුල් භාගයේ සිටම වෙයි. කරන කියන කටයුතු පහසුවෙන් කල හැක. එමෙන්ම අමතර ආදායම් ලැබීමට නියමයි. තවද දෙමාපියන්ගෙන් උරුමහරුමකම් ලැබේ. ඒ 2014 මැයි වල සිටය.
රැකි රක්ෂා :
රැකි රක්ෂා කටයුතු යහපත් වේ. නව රැකියා බලාපොරොත්තු වෙන අයට අලුත් රැකියා ලැබේ. මෙම වසරේ ඔබ රැකියාවෙදි හෝ රැකියාවක් බලාපොරොත්තු වන අයත් උත්සහවන්තව වැඩ කල යුතුය. ඔබ මන්දගාමි වීමට යම් ග්‍රහචාරයක් ලග්නයෙන් පෙනේ.
ගෘහ ජිවිතය : 2013 වසර පුරාවටම පැවති යම් යම් බාධක කරදර 2014 මැයි මසින් පසු පහවී යයි. නිවාස ඉදි කිරීමේ කටයුතු කර ගැනීමට පුලුවන. එසේම නව ගෘහ භාණ්ඩ හෝ සැප පහසුවට අවශ්‍ය වන බඩුභාණ්ඩ මිලදී ගත හැක. මව්පස ඥාතින්ගෙන් උදව් උපකාර ලැබේ. වසර මැද තෙක්ම විවාහ ජීවිතය තුල ඉවසීමෙන් කටයුතු කරන්න. අනියම් කම් සැප ලැබෙන කාලයකි. එයින් ගෘහ ජිවිතයේ සමගියට බාධා ඇතිවීමට පුලුවන.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. තරග විභාග ආදියෙන් ජුනි ජූලි මාස වලදි එයින් ජය ලැබේ.
සෞඛ්‍ය
වසර පටන් ගන්නේ, ඔබට යම් යම් සෞඛ්‍ය ගැටළු ඇති කරමින්ය. ලේ කෝප වීමේ රෝග සමේ රෝග, කලක් යටගොස් තිබුනු රෝග නැවත මතුවිම සෙම් රෝග, වැළදීමට ඉඩකඩ ඇත. මෙවැනි තත්වද 2014 මධ්‍ය කොටසෙදි පහවී යයි.
ශුභ දවස් : ඉරිදා, බ්‍රහස්පතින්දා


වෘෂභ
මේ වසර ඔබට ඉතාම ශුභයි.

ධනය :
මිල මුදල් ලැබේ, ආදායම් තත්වය යහපත් වේ. පෙර කුසල් ඵල දෙන කාලයකි. යම් කෙනෙක් නිසා ආදායම් වලට බාධා ඇතිවී ඇත්නම් ඒවා මඟහැරී යයි. මුදල් ඉතිරිය සිදුවේ. කලක් අමතකවී සිටි අයෙක්ගෙන් ආදායම් ලැබීමට නියමයි.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු තරමක් සතුරු කරදර නිසා අවුල් වීමට පුලුවන. මෙම තත්වයත් 2014 මධ්‍ය කොටසේ සිට හරියයි. රැකියාවෙදි අනවශ්‍ය වගකීම් තමන් විසින්ම පටවා ගැනීම නොකල යුතුයි. එයින් අනවශ්‍ය කරදර වලට මුහුණ පෑමට සිදුවේ.
ගෘහ ජීවිතය : මේ වසර පසුගිය වසරේ මෙන් තරමක් දුරට නිවී සැනසිල්ලේ වාසය කිරීමට හැකියාව ලැබේ. සාමකාමිව ගතවේ. විසේස වශයෙන් ගත් කල සම ඵල ඇතිවේ.
සෞඛ්‍ය
යටි බඩේ අමාරු, මුත්‍රා අමාරු, ස්නායු වේදනා ඇතිවීමට පුලුවන. කුඩා දරුවන්ගෙ යටි පතුල් වල දද කුෂ්ඨ මතුවීමට පුලුවන.

මිථුන
මෙම වසර ශුභයි.

ධනය : පසුගිය වසරට කලින් වසර එනම් 2012 වසර, යම් යම් ආර්ථික වශයෙන් ඔබව පහලට ඇද දමන තත්වයක් තිබුනි. නව වසර උදා වන්නේ ඔබට ශුභදායක වෙනසක් ඇති කරගෙනය. එමනිසා උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කිරීම ධන තත්වය දියුණු කරගැනීමට හේතුවේ. 2014 මැයි මස සිට ඉතාම යහපත්ය.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු යහපත් වේ. කරන රැකියාවේ උසස්වීම් ලැබේ. අලුත් නිලතල ලැබේ. රැකියා බලාපොරොත්තු වන අයට රැකියා ලැබීමට පුලුවන. ඒ අතර විදේශ රැකියාද ඇත.
ගෘහ ජිවිතය
තරමක් ඉවසීමෙන් ගත කිරිමට පුලුවන. ඔබගේ ඇති පණ්ඩිතකම නිසා හෝ කේන්ති යාම නිසා ගෘහ ජිවිතය තුල ගැටුම් ඇතිවිමට පුලුවන. එය සෑහෙන කලකට පවතී. බුද්ධියෙන් මේ තත්වය සංසිඳවා ගත යුතුය. ඔබට එය කල හැක. දරුවන්ට සැරවැර වී තේරුමක් නැතිව ඔවුන්ට දඬුවම් දීමට සිත් ඇතිවේ. එවැනි පාපක්‍රියා නොකර දරුවන් ඉන්නා අය ඔවුන්ට ආදරේ කරන්න. ඔවුන් වෙනුවෙන් මහා පරිමාණයෙන් දියුණුවට මුදල් දීමට ඔබට පුලුවන. ඒ 2014 මධ්‍ය කොටසේ සිටය.
සෞඛ්‍ය
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොපවතී. නිදන් ගත රෝග ඇති අය, රෝග පාලනයකට යොමුවීම යහපති.

කටක
ඔබට 2013 වසර මෙන්ම 2014 මධ්‍ය කොටස තෙක්, ප්‍රතිඵල රහිත වසරකි.

ධනය
තත්කාල ග්‍රහචාරයේ කිසිම සුභ ඵලයක් නොමැත. ආර්ථික වශයෙන් බිංදුවට ඇද දැමීමට පවතින ග්‍රහචාරය ඉවහල්ය. මෙහි සදහන් කරන්නට පුලුවන් කිසිම ශුභ ඵලයක් පෙනෙන්නට නම් නැත.
රැකි රක්ෂා
රැකි රක්ෂා අහිමිවීමට පුලුවන. බොහෝ කටක ලග්න අයගේ රැකියා ස්ථාන වල සතුරු කරදර පවති. යටින් උල්පන්දම් ඇල්ලීම කේලම් කියා රැකියා වලට වින කිරීම, ආයතන ප්‍රධානින් සමග සිත් බිදවීම විය හැකිය. රේගුව පොලිසිය ත්‍රිවිධ හමුදාව එමෙන්ම දේශපාලනඥයන් ඒ අය රැකියාවේ සුරක්ෂිත භාවය පිලිබදව විශේෂ අවදානයෙන් පසුවන්න.
ගෘහ ජිවිතය
ආරවුල් සහිත වේ. වැඩකට නැති යම් යම් කරුණු කාරණා නිසා ගෘහ ජීවිතයේ අනවශ්‍ය ගැටළු මතුවේ. ඉහත කීවාක් මෙන් අඹු දරුවන් හා අනවශ්‍ය ගැටුම් නිර්මාණය වේ. කටක ලග්නයේ උපන් අය මෙන්ම ඔවුන් හා විවාහ වී සිටින ස්වාමි භාර්යා යන දෙකොට්ඨාශයම ‘මනා ඉවසීමෙන්‘ කටයුතු කල යුතුය.
සෞඛ්‍ය
පපුවේ දැවිල්ල, ගෑස්ට්‍රයිටීස් රෝග, දණිස් අමාරුව වළලු කරේ ආබාධ, කෙණ්ඩ පෙරලීම, නිදන්ගත රෝග ඇති අයගේ රෝග සංකූලතා වැඩිවීම සිදුවිය හැක.

සිංහ
මෙම වසර පසුගිය වසර මෙන්ම සුබ අසුබ මිශ්‍රව ලැබෙන වසරකි.

ධනය : ආර්ථික තත්වය යහපත් වේ. ඒ නැතත් ආර්ථික තත්වයට බාධා වන ආකාරයට කිසිවක් සිදු නොවේ.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු බාධාවකින් තොරව කරගත හැකිය. තමන්ගේ පවුලට සම්බන්ධ තමන්ගේම සහෝදරයෙක්ගෙන් ආර්ථික වාසි හෝ රැකියාවකට උදව්වක් ලැබේ. නව රැකියා බලාපොරොත්තු වන අයට දැන් දැන් සිටම එම තත්ව හිමිවේ.
ගෘහ ජිවිතය
යහපත් ලෙස ගතවනු ඇත. විශාල වශයෙන් අවුල් ඇති නොවේ. මැයි මසින් පසු අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. එසේම මේ ලග්නයේ අයට අනියම් ආකාරයට කම් සැප විඳීමට හැකි වන කාලයකි. එයින් පරිස්සම් වන්න.
සෞඛ්‍ය
සෞඛ්‍ය තත්වය, ඇඟ මහත්වීම බ්‍රහස්පති/ගුරුගේ බලපෑම නිසා සිදුවිය හැක. උෂ්ණාධික රෝග, මුත්‍රා රෝග ඇතිවීමට ඉඩකඩ ඇත.

කන්‍යා
ශුභ අසුබ මිශ්‍රව පවති.

ධනය
2013 වසර මෙන්ම මේ වසරද ආර්ථික වශයෙන් මහා පරිමාණ ගැටළු ඇති නොවේ. රැකියාවෙන් උපයා ගන්නා මුදල් ආරක්ෂා වේ. මහ පරිමාණ බිද වැටීමක් සිදු නොවේ. 2014 සිට ඉතාම ඉහල තත්වයට පත්වේ. විවාහ වී ඇති අයට භාර්යාවගේ හෝ ස්වාමි පුරුෂයාගේ යන පාර්ශව 2න්ම මිල මුදල් උදව් උපකාර ලැබේ. වරදක් නැත.
රැකි රක්ෂා
ආර්ථික තත්වය යහපත් වේ. රැකියාවල උසස් වීම් ලැබේ. තමන්ට ලැබෙන සමාජ සබදතා නිසා එයින් වාසි අත්වේ.
ගෘහ ජිවිතය
ප්‍රීතිමත්ව ගත වනු ඇත. විවාහස්ථානාධිපති බලවත් වන නිසා මැයි මස සිට යහපත් වේ.
සෞඛ්‍ය
ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කරගැනීම යහපත්ය. තරබාරුවීමට පුලුවන. එය පාලනය කරගන්න.

තුලා
සුබාසුබ මිශ්‍ර පල ලැබෙන වසරකි.

ධනය
ආර්ථික තත්වය යහපත් වේ. ඔබගේ කේන්තිකාර සහ ඉවසීමක් නැති යම් යම් ක්‍රියා නිසා ඔබට ලැබිය යුතු යම් යම් වරප්‍රසාද ඔබ විසින්ම අහිමි කරගනු ඇත. හිත පාලනය කරගැනීම ධන තත්වය දියුණු කරගැනීමට හේතු වේ. අනවශ්‍ය වියදම් වලින් පරිස්සම් වන්න.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු යහපත්ය. එයට ඔබගේ කැපවීම සහ ඉවසීම උනන්දුව මේ කාලයේ තිබිය යුතුය. පෙර පින් බලය නිසා යම් යම් අවස්ථාවන් ලැබීමට පුලුවන. විදේශ රැකියාද ලැබීමට නියමයි. අනවශ්‍ය කලබලයෙන් ඈත් වන්න.
ගෘහ ජිවිතය
ගෘහ ජිවිතයද ප්‍රිතිමත්ව ගත කිරිමට පුලුවන. එයට ඔබගේ ඉවසීම අවශ්‍යයි. නිවසට අලුත් ගෘහ භාණ්ඩ යම් යම් දේවල් ලැබීමට පුලුවන. විවාහපේක්ෂක අයට වසරේ මුල් කොටසේදී විවාහවීමට හැකියාව ඇත. සිකුරු මහ දසා, බුද මහ දසා, ගුරු මහ දසා ගත කරන අයට එය එසේම වේ.
සෞඛ්‍ය
හිස සම්බන්ධ රෝග, මානසික ආතතිය, මානසික ගැටළු කේන්ති යාම නින්ද නොයාම දෙපා දණහිස් වේදනාව ඇතිවීමට පුලුවන. එමෙන්ම මුල් මාස 3-4 තුලදි අනතුරු වලක්වා ගැනිමට ක්‍රියාකල යුතුයි.

වෘශ්චික
මෙම ලග්නයේ අයට මෙම වසරේදි මුල් කොටස ඉතාම අයහපත්ය.

ධනය
ධන තත්වය ඉතාම පහත් මට්ටටේ පවති. කිසිම දියුණුවක්, ඉතිරියක් නැත. රැකියාවෙන් ලැබෙන වැටුප් තමන්ටත් හොරා වැයවේ. එසේම කිසිම ඉතුරුවක් නැතිව තවත් අයට ණය විමට පුලුවන. එමෙන්ම ගැරන්ට් ආදියට අත්සන් කොට එනම් ඇපයට අත්සන් කොට එම මුදල්ද තමන්ට ගෙවීමට හෝ නඩුහබ වලට පැටලීමට පුලුවන. ආර්ථික තත්වය දියුණු කරනවාට වඩා යම් හෝ හොදක් ඇත්නම් දැනට එය ආරක්ෂා කිරීම වටී.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු ද දැඩි අවුල්කාරි තත්වයක පවතී. රැකියා ආරක්ෂා කරගන්න. වෙළද සමාගම් වල සේවයේ නියුතු අය රැකියා වෙනස් කිරිම මහා පරිමාණයෙන් දුකට වැටිමට හේතුවකි.
ගෘහ ජිවිතය
පවුල් ජිවිතයේද ඒ තරම් යහපත් නොවේ. මෙම තත්වය මැයි මසින් පසු යම් තරමක් දුරට යහපත් වේ. ස්වාමි බිරිඳ දෙදෙනා අතර ගැටුම්ද දරුවන් දෙමාපියන් සමග ගැටුම්ද ඇතිවේ. ඒවා අවම කිරිමට වග බලාගන්න.
සෞඛ්‍ය
සෞඛය තත්වය සාමාන්‍යය වේ. හර්නියා, වෘෂණ කෝෂ වල ආබාධ
කාන්තාවන්ට ගර්භාෂගත රෝග, යටි බඩේ රෝග ඇතිවිය හැක. මේවා ඇත්නම් ප්‍රතිකාර කරවා ගන්න.

ධනු
ඔබට වාසනාවන්ත වසරකි 2014.

ධනය
ධන තත්වය යහපත් වේ. අලුත් ආදායම් මාර්ග ලැබේ. වසරේ මුල් භාගයේදිම තමන්ගේ ක්‍රියා කලාප නිසා මුදල් හදල් එන ආදායම් මාර්ග ඇතිවේ. වචනයෙන් පවා මුදල් ලැබේ. නව ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට සැපයට අවශ්‍ය සියලුම දේවල් වලට මුදල් ආයෝජනය කිරීමට ලැබේ. ස්විප් දිනුම් ඇතිවේ. උත්සහ කරන්න.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතු දියුණු වේ. ආයතන ප්‍රධානින් සමග සුහදව වැඩ කිරිමට හැකියාව ඇත. තමන්ට වැඩි වැටුප් සමග නිලතල තාන්න මාන්න ලැබේ. ත්‍රිවිධ හමුදා පොලිසියේ නිලලත් ආයතන වල සේවයේ නියුතු අයට විශේෂ උසස්වීම් ලැබේ. එමෙන්ම දේශපාලනය කරන අයට 2014 සුබයි.
ගෘහ ජිවිතය
පවුල් ජිවිතය යහපත් වේ. විවාහ බලාපොරොත්තු ඉෂ්ඨ වේ. විවාහපේක්ෂිත ධනු ලග්න පිරිමි පාර්ශවයට ගැහැණු පාර්ශවයන්ගෙන් දෑවැදි ලැබේ. සුබ කාලයකි.
සෞඛ්‍ය
සෞඛ්‍ය තත්වයද එතරම් පිරිහීමට ලක් නොවේ. සුළු සුළු අසනීප හැරුනු කොට මහ පරිමාණ සෞඛ්‍ය ගැටළු නොපෙන්වයි.

මකර
සියලුම මකර ලග්න හිමියන්ට සුබ වසරක්ම වෙයි මේ වසර 2014.

ධනය
ධන තත්වය වරින් වර වසර තුලදී උච්චාවචනය වේ. එය ගණන් ගතයුතු දෙයක් නොවේ. තමන්ගේ උත්සාහයෙන් තමන්ට වාසි සලසා ගත හැක. ඉදිකිරීම් කටයුතු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් එමෙන්ම සංචාරක කටයුතු කරන අයට ආර්ථික වාසි ඇතිවේ.

රැකි රක්ෂා
රැකියාවල නියුතු අයට විශේෂයෙන් වගකීම් සහගත අයට මෙම කාලයේදි යම් යම් දුෂ්කරතා මතුවේ. “එමෙන්ම වයසක ආයතන ප්‍රධානින්ගෙන් ලාබාල තරුණ තරුණියන් දෙපක්ෂයටම යම් යම් අතවර හෝ යම් යම් බලපෑම් ඇතිවීමට ඉඩ හැක. එයින් බේරීමට ඔබට බුද්ධිය තිබිය යුතුය“. මෙය විශේෂයෙන්ම අවධාරණය කරමු. එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ අයට දුෂ්කර ප්‍රදේශ වල සේවයට අනුයුක්ත වීමට සිදුවිය හැක. මෙම තත්වයන් වසර මැදදී වෙනස් විය හැක.
ගෘහ ජිවිතය
සාමාන්‍ය පරිදි ගත වනු ඇත. මකර ලග්නයේ පිරිස් ගෙදරදී කලකිරිමට අවශ්‍ය වන වටපිටාව නිර්මාණය කරගැනීමට ඉඩ ඇත.
සෞඛ්‍ය
උදරාබාධ නිදන්ගත රෝග උත්සන්න වීම්, ශරීරයේ මදුමේහය ඇතිවීමට යම් යම් කරුණු කාරණා ඇතිවීමට ඉඩ ඇත. ප්‍රවේශම් වන්න. ගැබිණි මාතාවන්, විශේෂයෙන්ම පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීම කල යුතු බව දන්වමු.

කුම්භ
මෙම වසර ඔබට සුබ වසරකි.

ධනය
ආර්ථික තත්වය දැනටද මහා පරිමාණයෙන් දුර්වල වී නොමැත. සාමාන්‍ය පරිදි ඇත. වැඩිහිටි ඥාතින්ගෙන් උරුමහරුමකම් ලැබේ. සහෝදරයන්ගෙන් සමාජයෙන් උදව් උපකාර ලැබේ. ආනයන අපනයන වෙළඳ කටයුතු කරන අයට මෙම කාලය යහපත් වේ. ශුභ පලයි. ස්විප් දිනුම්, හදිසි ධන ලාභ ලැබෙන කාලයකි.
රැකි රක්ෂා
කටයුතු යහපත් වේ. නව රැකියා ලැබේ. වෙලද ආයතන වල විදේශ රැකියාවන්හි සහ නාවික, ගුවන් එසේම යම් ක්ෂෙත්‍ර වල සේවයේ නියුතු තවද කෘෂිකාර්මික ක්ෂෙත්‍රයේ නියුතු සහ එහි පාලකයන්ට ඉතාම සුභ පලයි. ධනය ලැබේ. ඉතිරි කරගැනීම මෙම ලග්න හිමියන් සතු වගකීමයි. යහපත් යටත් සේවකයන් ලැබේ. තමන්ට හිතවත් එම සේවකයින් තමාට සංවේදි වන්නේ මෙම වසරේ ජුනි වලින් පසුව බව කියමි.
ගෘහ ජිවිතය
යහපත් වේ. අඹු සැමි ප්‍රීතිය ඇතිවේ. ප්‍රීති සම්භාෂණ වලට සහභාගි වීමට හැකි වේ. සමහරවිට පවුලේ අය සමග පිටරට සවාරි යාමට හැකියාව ඇත. එසේම පවුලට අලුත් සාමාජිකයින් ඇතිවේ. දරු සම්පත්ද ඇතිවේ. විවාහ කටයුතු මල් ඵල ගන්වයි. අවිවාහක එසේම, විවාහ කටයුතු නොමැතිව සිටි පසුතැවෙමින් සිටි අයට එම කටයුතු සඵල වේ. ප්‍රබලවම එම කටයුතු සාර්ථක වනු ඇත. නව පෙම් සබදතා ඇතිවිය හැක (තරුණියන්ට නව තරුණයන්ද, තරුණයන්ට නව තරුණියන්ද මුණ ගැසේ).
සෞඛ්‍ය
නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනය කිරීමට උත්සහ කරන්න. සැප වැඩිවීම නිසා මෙම රෝග උත්සන්න වීමට ඉඩ ඇත. ඒ හැරුණු කොට සෞඛ්‍ය ගැටළු මහ පරිමාණයෙන් හට නොගනී.

මීන
මීන ලග්න ඔබට සුබයි.

ධනය
ආර්ථික තත්වය යහපත් වේ. නිකන් ඉදගෙන වාගේ මුදල් හම්බකිරිමට හැකියාව ඇත. බ්‍රෝකර් වැඩ වලින් දුරකථන ඇමතුම් වලින් යම් යම් වෙලද ව්‍යාපාර කටයුතු එනම් සම්බන්ධීකරණ කටයුතු කරන අයට මෙම කාලය වාසිදායකය. එමෙන්ම නව නිවාස වාහන ගැනීමට මුදල් ලැබේ. පොදුවේ ආර්ථික තත්වය යහපත් වේ, හදිසි ධනලාබද ඇතිවේ. මෙම සුබ පල මැයි මසින් පසු සීග්‍රග්‍රාමි වේ.
රැකි රක්ෂා
රැකියාවේ කටයුතුද දියුණු වේ. නව රැකියා ලැබේ. තානාපති ධූර සම්බන්ධීකරණ ලේකම් ධූර දේශපාලනික ව්‍යාපාරික කටයුතු කරන අයට ඉතාම ශුභයි. කාන්තාවන් බහුතරයක් සමග එක්වී රැකියා කරන අයට ඔවුන්ගේ උදව් උපකාර ලැබේ. මීන ලග්නයේ අයට උසස් වනිතා පක්ෂයේ උදව් උපකාර ලැබේ.
සියලුම රැකියා කරන අයට ශුභයි.
ගෘහ ජිවිතය
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වේ. වසරේ මුල් මාස 2, විවාහ ජිවිතයෙදී දෙදෙනා අතර ඉවසීම අවශ්‍ය වේ. ඉන්පසු සුභයි. අවිවාහක අයට, මංගල යෝග ලැබේ. ප්‍රේම සම්බන්ධතා සපල වේ. ප්‍රේම සබදතා ස්ථිර වේ. ඊට සම්බන්ධ සියලුම කටයුතු සාර්ථක වේ. අලුත් මිතුරු මිතුරියන් ආශ්‍රයට අවස්ථාව ලැබේ. ඔවුන්ගෙන් උදව් උපකාර ලැබේ. ඉතාම ශුභයි ! නිවසට නවීන ගෘහ භාණ්ඩ සැපයට අවශ්‍ය සියලුම උපකරන ලැබේ. හදිසි ධනලාභ ලැබේ.
සෞඛ්‍ය
ඇගේ ඌෂ්ණාධික රෝග, අර්ශස් රෝග තිබෙන අයට එම සංකූලතා වැඩිවීමට නියමයි. ඇගේ දාහ ගතිය ඇතිවේ. සෙම් රෝග ඇතිවේ. හිසේ බර ගතිය ඇතිවේ. මේවා පාලනය කරගන්න. විවාහ වන අය මැයි මසින් පසු දරුවන් බලාපොරොත්තු වීම මැනවි.


(ඉහත පලාපල වෙනස්වීමට හෝ අඩුවැඩි වීමට ඔබගේ වත්මන් ග්‍රහ දශා බලපායි. මෙය සමස්ත පලාපලයක් බව කරුණාවෙන් සලකන්න.)

Sunday, January 5, 2014

What is The New Tv HDMI Port Question....

අලුත් රූපවාහිනිවල ඇති HDMI පෝට් එකෙහි ප්‍රෙයෝජන මොනවාද.?


මෙම එච්ඩීඑම්අයි (HDMI - High Definition Multimedia Interface) වේ.උසස් තත්වයේ වීඩියෝ සහා ඔඩියෝ (HDMI - High DefinitionVideo and 3D Video) සපයන උපකරණය රූපවාහිනිය සමග සම්බන්ද කිරිමට මෙය යොදා ගනී.

      මෙය සම්පුර්ණයෙන්ම Digital වර්ගයේ සංඥා සම්ප්‍රේෂණය කරයි.මෙම පෝට් එකට සම්බන්ධ කළ හැකි උපකරණ රාෂියක් ඇත.නවීන IPTV උපාංග,නවීව DVD හා Blue-ray යන්ත්‍ර සහ පරිගණක යන්ත්‍රයක් රූපවාහිනිය සමග සම්බන්ධ කිරිමට මෙම පෝට් එක බාවිතා කරයි.මෙම HDMI සහා DVI පෝට් තාක්ෂණික පැත්තේන් බෝහෝදුරට එකිනෙකට සමාන කම් දැක්වුවත් DVI කෙබල් හරහා සම්ප්‍රේෂණය වෙන්නේ විඩියෝ පමණි...



Next Microsoft in Future......

                  කෝහෝමද මයික්‍රෝසෝෆ්ට් ඊලග අනාගතය..


හරි යාළුවනේ කෝහෝමද ඉතින්.මම අදත් වෙනදා වගේම සුභ දවසක් කියලා ඔන්න වැඩේ පටන් ගත්තා.අද මං ඔයාලට කියන්න යන්නේ Microsoft Company එකේන් Plan කරලා තියෙන ඊලග අනාගතය ගැන.
මෙක ඔයාලට බලන්න තියේන්නේ මොකද මෙක ගැන මට විස්තර කරන්න ගියෝත් දවස් 2 ක් වත් අඩු තරමේයයි.එක නිසා මම පහලින් Video එක්ක දැම්මා.යාළුවනේ ඔයාලට මෙක බැලුවොත් අදහා ගන්න බැරි වෙයි.ඒත් මට දුක තියේන්නේ අනාගතේ මෙවගේ දෙයක් තියේයිද කියලා...එතරමට මෙක විශ්වාස කරන්න බෑ.හිරි ඉතින්එකට කමක් නෑ.යටින් Video එක බලලාම ඉන්නකෝ.


          මේ තියේන්නේ එයාලා අනාගතේ හදන්න යන විදිය සුදනම් කරපු Video එක


මෙක ඔයාලට කියන්න මෙකේ තියෙන පුදුමේ තමයි මේ ගේ දේයක් වෙයිද කියලා.ඔයාලට හිතේන්නේ මෝනවාද.?.යටින් ඔයාලගේ අදහස් එකතු කරන්න........

 
biz.