Tuesday, February 11, 2014

Flat Panel TV Cast

        ෆ්ලැට් පැනල් කුල භේදය ටීඑන් සහා අයිපීඑස් තිර අතර වෙනස


ල්සීඩී තිරයක් තනා තිබෙන්නේ වීදුරු හෝ නම්‍යශීලී ප්ලාස්ටික් තහඩු දෙකක් අතර විශේෂ රසායන දුව්‍යක් සිර කිරිමෙනි.ඝනයක් හෝ දුව්‍යක් නොවන මේ දුව්‍ය හදුන් වන්නේ දුව ස්එටික (liquid crystel) කියාය.එකිනෙකට වෙනස් විභව අන්තර් යටතේ විදුලි ධරා යවා, මෙම ද්‍රව ස්වටික  පටලයේ වර්ණ  වෙනස්කම් ඇති කළ හැක.එය උදව්වට ගනිමින් ද්‍රව ස්වටික ඇසුරෙන් පික්සල් හෙවත් තිරයේ ක්‍රියාකාරි ඒකක තනා තිබේ. එවැනි පික්සෙල් මිලියන ගණනක් එක් කොට සමාන්‍ය මොනිටර් තිර සදා තිබේ. තිරයක් තිබෙන  පික්සෙල් ගණන  වැඩිවෙන විට විභේදනයද වැඩිය.මෙම තිර පොදුවෙ හදුන්වන්නේ එල්සීඩී  (LCD - liquid crystal display ) තිර කියාය.

    එල්සීඩී තිරයක් එක් එක් පික්සෙලය පාලනය කරන්නේ ට්‍රාන්සිස්ටර් මගිනි. මෙම ට්‍රාන්සිස්ටර යෙන් ලැබෙන සංඥාව අනුව පික්සෙල් වර්ණ ගැන්වේ. ප්‍රධාන පික්සෙලයක් රතු,කොළ හා නිල් යන වර්ණ පෙන්වන උප පික්සෙල්වලින්  සමන් විතය. රූපය  මැවෙන්නේ ඒ සියලු පික්සෙල්වලින් සමන් විතය. රූපය මැවෙන්නේ ඒ සියලු පික්සෙල්වල ඒකා බද්ධ හැසිරීමෙනි. ඒල්සීඩී තිරවල භාවිතා කරන මෙවැනි ට්‍රාන්සිස්ටර් තාක්ෂණ ගණනාවක් තිබේ.ඒවා අතරින් හොදින් වර්ණ පෙන්විය හැකි විශේෂ ට්‍රාන්සිස්ටර් තාක්ෂණය හදුන්වන්නේ ටීඑෆ්ටී (TFT - thin film transistor) කියාය.මෙම තාකෂණික නම් ඇසුරු  කොටගෙන ,TFT LCD කියා හදුන්වන්නේද මෙම තිරයි. දැනට මෙවැනි ටීඑෆ්ටී පැනල් වර්ග දෙකක් තිබේ.ටීඑන් සහා අයිපීඑස් යනු ඒවායි.

ටීඑන් ෆිල්ම් පැනල්

බොහෝ උපකරණවල යොදා ගැනෙන්නේ ටීඑන් (TN - Twisted Nematic) ෆිල්ම් පැනලයේ.මෙම තාක්ෂණයෙන් නිරිමාණය කරණ තිර මිලෙන් අඩුවීම .ඊට  හේතුවයි.මෙම තිරවලදී නියාමකාරයෙන් වර්ණ පෙනෙන්නේ තිරය දෙස කෙලින්ම බලන විට පමණී. එසේම මෙම ටීඑන්  තිරවලින් අලෝකය වැඩියෙන් පරිවර්තනය වෙයි. ඒනිසා සමාන්‍ය සුර්යාලෝකය යටතේ බලන විට තිරයෙන් පෙන්වෙන දේවල්ද පැහැදිලිකම අඩු වෙයි.

අයිපීඑස් ෆිල්ම් පැනල්

ටීඑන් පැනල්යල තිබෙන අඩුපාඩු මග හරවන්නට සමත් පැනල් වර්ගය මෙයයි.මෙම අයිපීඑස් (IPS - In - Plane Switching ) පැනල්වල පෙන්වන දෙය දැක ගන්නට එය එල්ලේම සිටිය යුතු නැත .වටපිටාවේ සිටියත් තිරයේ පෙන්වන දෙවල් පෙනෙයි. එසේම මෙහි ආලෝකය පරාවර්තනයවිමෙද අඩුය.  ටීඑන් පැනල්වලට වඩා පැහැදිලිබවක් (Contrast) සහ දීප්තියක් (Brightness) මෙම තිරවලින් ලැබේ.

               ටීඑන් සහ අයිපීඑස් තිරවලින් රූප පෙනෙන හැටී



Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.