Showing posts with label Gossip. Show all posts
Showing posts with label Gossip. Show all posts

Thursday, December 19, 2013

Nadeesha Hemamali IS UNP Part Southern Election.!

         නදීෂා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් දකුණේ ජන්දයට..

ආන්දෝලනාත්මක පුවත් මවන චරිතයක් වන ටෙලිනාට්‍යය නිලි නදීෂා හේමමාලි දකුණු පළාත් සභාවෙන් ජන්දය ඉල්ලීමට තීරණය කොට ඇත.දේශපාලනයට පිවිසීමට කලක් තිස්සේ ඇය පෙරුම්පුරා ඇතිඅතර කාලයක් පුරා විවිධ දේශපාලඥයන් සමග සිදුකල සාකච්චා වලින් අනතුරුව ඇය සිය දේශපාලන ගමන ඇරඹීම සඳහා එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඇත.ඇයගේ යෙහෙලියක් විසින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මාධ්‍යය හසුරන කිහිපදෙනෙකු සමග ඇතිකරගත් සම්බන්ධතා වලින් අනතුරුව ඇය මෙසේ එක්සත් ජාතික පක්ෂයට එකතු වී ඇත.පසුගියදා නදීෂා සහ ඇයගේ යෙහෙළිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා හමුවී ඇතිඅතර එහිදී ඇයගේ දේශපාලන ගමනේ ආරම්භය නිල වශයෙන් සනිටුහන් කොට ඇත. එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවත් ප්‍රතිපත්ති දේශපාලනයක නියැලෙන බවත් ඇය එහිදී පවසා ඇත.දකුණු පළාත් සභා මැතිවරණයට සන්ධානය නියෝජනය කරමින් අනර්කලි ආකර්ෂා ද තරඟ වදින අතර ගාල්ලේ මනාපය අඩු හෙයින් මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ. 
                                                                                                                                  උපුටා ගැනිම:-Bokka
                                                                                                                                   

Friday, December 6, 2013

Sri Lankan King Hunter. :D

 මේ කියන්නට යන්නේ ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ  සිටින රජහොරු ගැනය




මේ දිනවල ලංකාවේ තිරගත වන අලූත්ම චිත්‍රපටය වී ඇත්තේ රජහොරුයි. මේ කියන්නට යන්නේ චිත්‍රපටයේ රජහොරු ගැන නොව ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනය. රජිව් ශර්මාට අනුව ශ්‍රී ලංකාවේ සාරය උරා බොන රජහොරු බවට පත්වී ඇත්තේ රට පාලනය කරන රාජපක්ෂ පවුලය. රාජපක්ෂ පවුල විසින් චීන ව්‍යාපෘතිවලින් කොමිස් ගිලින ආකාරය රජීව් ශර්මා විසින් 2012 ඔක්තෝබර් මස 25 වෙනි දින www.southasiaanalysis.org/node/1022 නම් වෙබ් අඩවිය මගින් අනාවරණය කර ඇත. රජීව් ශර්මා අනාවරණය කරන ආකාරයට චීනය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන සෑම ආයෝජනයකින්ම රාජපක්ෂ පවුලට 10% - 15% ත් අතර කොමිස් මුදලක් හිමිවේ. 2015 වන විට පවුලට ලැබීමට ඇති ස්ථාවර කොමිස් මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.2 සිට 1.8 ත් අතර ප්‍රමාණයකි. මෙම කොමිස් ගිලගැනීම සඳහා වූ රාජපක්ෂ පවුලේ වෙනම සමාගමක් ගොඩනගාගෙන ඇත. ඒ ගේට්වේ ඉන්ඩස්ටී්‍රස් නම් සමාගමකි. මෙම සමාගමේ සභාපතිවරයා වන්නේ ප්‍රභාත් නානායක්කාරය. මෙම ව්‍යාපාරයේ අනෙක් පාර්ශ්වකරුවා වන්නේ ඩිල්ෂාන් වික්‍රමසිංහය ඩිල්ෂාන් වික්‍රමසිංහ යනු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරෙකු වන නිශාන්ත වික්‍රමසිංහගේ පුතාය. නිශාන්ත වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වරයාය. රාජපක්ෂ පවුලට අයත් මෙම ව්‍යාපාරයේ තවත් කොටස්කරවෙකු වී ඇත්තේ බන්දුල වීරවර්ධන නමැති පුද්ගයෙකි. බන්දුල වීරවර්ධන යනු ශ්‍රී ලංකාවේ ඉපිද බි්‍රතාන්‍යයේ පුරවැසි භාවය ලබාගත් පුද්ගලයෙකි. ඩිල්ෂාන් හා ප්‍රභාත් යන දෙදෙනාට අයත් සමාගමක් ලෙස පිහිටුවා ඇති තවත් ආයතනයක් වන්නේ ඇසෙට් නෙට්වර්ක් පුද්ගලික සමාගම හා ඇසෙට් හෝල්ඩින් පුද්ගලික සමාගම යන සමාගම් දෙකය. ඇසෙට් හෝල්ඩින් සමාගම් මැදිහත්වීම මත සිදුකරන ත්‍රිකුණාමල වරාය හා ජැටිය ව්‍යාපෘතිය සඳහා බිලියන පහක මුදල් වැයකර ඇත. ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමද ඉහත ගනුදෙනුවට සම්බන්ධ කරගෙන ඇත. අක්කර 1200 ක් පුරා විහිදුන මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 02 ආයෝජනයක් ලෙසද හැඳින්වේ. අදියර තුනකින් නිමකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඩොලර් මිලියන 700 ක මුදලක් ලබාගැනීමට 2011 පෙබරවාරි 23 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන ඇත. රජීව් ශර්මාගේ ලිපියට අනුව රාජපක්ෂලා විසින් ලොවපුරා ප්‍රබල සමාගම් සමග එක්ව ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. ඉන් එකක් වන ඕස්ටේ්‍රලියාවේ මිචෙල් සමාගමය. මෙම මූල්‍ය සමාගම මිචෙල් ගෘෘප් ඕස්ටේ්‍රලියා සැල්වා කෝපරේෂන්, ඇසෙට් හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන උප සමාගම් 04 කින් යුක්තය. මෙහි මුදල් ලබාගැනීමේ ප්‍රමුඛ කාර්ය කර ඇත්තේ ප්‍රභාත් නානායක්කාරය. ඒ රාජපක්ෂ පවුලේ අවශ්‍යතාවය මතය. චීනය සමග මේ සැඟවුණු ගනුදෙනු ආරම්භ කර ඇත්තේ 2005 බන්දුල වීරවර්ධනගේ මාර්ගයෙනි. ආරම්භය චන්ද්‍රිකා ආණ්ඩුව තෙක් දිවයයි. එවකට චීන සමාගම් සමග කටයුතු කළ ශ්‍රී ලංකා නියෝජිතයා වූයේ බන්දුල වීරවර්ධනය. ඔහු ගනුදෙනු කළ සමාගම බහමා සෙල්වීර ටේ්‍රඩින් ලිමිටඩ්ය. මහින්ද රාජපක්ෂ බලයට පැමිණීමත් සමග මොහු චීන සමාගමක් සමග කෙලින්ම සම්බන්ධ වී ඇත. මොහුගේ නමින් චීන සබඳතා ගොඩනගා ගත්තද පසුව ඔහුට එම කාර්යයෙන් ඉවත්කොට එම කාර්ය සඳහා ප්‍රභාත් නමැත්තා පත්කොට ඇත. මොහු මෙම ව්‍යාපාර ඇරඹීමට පෙර ප්‍රභාත් නානායක්කාරට තිබී ඇති වත්කම් ප්‍රමාණය සේවකයන් 200 ක් සේවය කළ zමවුටන්් ජීන්Z නම් තේ වත්තය. මේ වන විට ගණනය කළ නොහැකි තරම් වත්කම් ප්‍රමාණයක් ප්‍රභාත් නානායක්කාර නමට ඇත. චීන ආයෝජන මත පාලම් හා මාර්ග ඉදිකිරීමේදීද ප්‍රධාන කොටස්කරුවන් බවට පත්වී ඇත්තේ ප්‍රභාත් හා ඩිල්ෂාන් සංයෝගයය. රාජපක්ෂ පවුලේ සමාගම් හරහා රාජපක්ෂ පවුලට පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ චීන ව්‍යාපෘතිවලින් කොමිස් මුදල් ලැබී ඇත්තේ මේ ආකාරයෙනි. හම්බන්තොට වරායෙන් අමෙරිකානු ඩොලර් මිලියන 360 කි. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඩොලර් මිලියන 200 කි. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 252 කි. හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 76.5 කි. ත්‍රිකුණාමලය වරාය ව්‍යාපෘතියෙන් කොමිස් කොපමණද යන්න සඳහන් කර නැත. ඒ අනුව 2005 - 2015 කාලය තුළ බිලියන 1.2 සිට බිලියන 1.8 ක් දක්වා වූ කොමිස් මුදලක් රාජපක්ෂ පවුලට ලැඛෙන්නේ චීන ආයෝජනවලින් පමණකි. ශර්මා සඳහන් කරන්නේ චීනය විසින් මේ ආකාරයෙන් රාජපක්ෂ පවුලට කොමිස් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළ තමන් සතුකර ගැනීමටය. කුරහන් සාටකගේ ග්‍රාමීය ආරෝපණයේ හයියෙන් බලයට ආ මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් හඳුන්වා ඇත්තේ සර්වපිත්තල පාලනයක් ලෙසය. ලැජ්ජාසහගත පවුල් පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂගේ පාලනය ශර්මා විසින් සමකර ඇත්තේ ලෝකයේ සිටි දූෂිතම පාලකයන් වන සුකර්තෝ, බූතෝ හා මුගාබේගේ පාලනයටය. පසුගිය කාලය තුළ මහින්ද රාජපක්ෂ විසින් ආශ්චර්ය ලෙස ශ්‍රී ලාංකිකයන්ට පෙන්නූයේ හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මොරගහකන්ද ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපළ යන ව්‍යාපෘතිය. ශ්‍රී ලංකාවේ තවත් පරම්පරා ගණනක් ණය කාරයන් බවට පත්කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිවලින් 10% - 15% ත් අතර මුදලක් ගොස් ඇත්තේ රාජපක්ෂලාගේ සාක්කුවලටය. කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පැවැරුණේද චීනයටය. එයින් ලැබූ කොමිස් මුදල කොතෙක්ද යන්න ශර්මා විසින් අනාවරණය කර නැත. එම ලිපිය කටුනායක අධිවේගී මාර්ගය තැනීමට පෙර සකස්වූවක් බැවිනි. රටේ ජනාධිපතිවරයා ලෙස 2005 දී මහින්ද රාජපක්ෂට බලය ලබාදුන්නේ කප්පරක් බලාපොරොත්තු ඇතිවය. බලයට පත්වූ වහාම මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන ලද්දේ ආරක්ෂක ලේකම්වරයා ලෙස අමෙරිකාවේ සිටි තම සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ පත්කිරීමය. ඉන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් හිස්වූ වහාම එම මන්ත්‍රීධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන ලද්දේ තම සොහොයුරා වන බැසිල් රාජපක්ෂය. ඔහුගේ වැඩිමල් සොහොයුරා වන චමල් රාජපක්ෂ කථානායකාවරයා ලෙස පත්කරනු ලැබිණි කථානායකගේ පුත් ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව පළාත් මහා ඇමැතිවරයා ලෙස පත්කෙරිණ. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට ගත්තේය. එම මැතිවරණයෙන්ම ඔහුගේ පවුලේ ඥාතියෙකු වන හේමාල් ගුණසේකරද පාර්ලිමේන්තුවට ගත්තේය. ඒ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ භාර්යව වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ සොහොයුරා වන අ. පො. ස. සාපෙළවත් සමත් නැත ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරිණ. වර්තමානයේ ප්‍රධාන රාජ්‍ය ආයතන බොහෝමයක ප්‍රධාන තනතුරු දරන්නේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ය. ශ්‍රී ලාංකිකයන්ගේ හිස මත යෝධ ණය බරක් පටවමින් රාජපක්ෂලා රට ගිලින ආකාරය ශ්‍රී ලාංකිකයන්ට නොතේරුණාට විදේශිකයන්ට එය හොඳින් පෙනීගොස් ඇත. මාධ්‍යවේදී රජීව් ශර්මා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව රාජපක්ෂලාගේ මකර සෙවනැල්ලට හසුවී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් රාජපක්ෂලාගේ සර්ව පිත්තල ලෝකයට රැවටී ඇති නිසාය.
                                                                                                                            

Saturday, November 16, 2013

Upeksha Swarnamali Speak about Money Fraud Case


කෙටි කලක් තුළදී රංගන ක්‍ෂේත්‍රය හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල “සිහින විලක්” ටෙලි නාට්‍යය තුළින් ආලින්දයට ගොඩවදිනවා. උපේක්ෂා පුවත් මවන්නියක් වුණේ ඇගේ කලා දිවිය, දේශපාලන දිවිය වගේම පුද්ගලික දිවිය ගැනත් මැවුණු විවිධ පුවත් හින්දාමයි. පසුගියදා උපේක්ෂා ගැන අලුත්ම ආරංචියක් අසන්නට ලැබුණා.

 ඇගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා විසින් කරන ලද මුදල් වංචාවක් ගැනයි මේ ප්‍රවෘත්තිය ඇසුණේ. අදාළ පුද්ගලයා විසින් රැකියා දෙන බවට මිනිසුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත්, උපේක්ෂාගේ නම පාවිච්චි කරමින් ඔහු මෙම කාර්යය සිදුකළ බවත් ආරංචි මාර්ග පවසනවා.

 මේ පුවත ගැන දැනගන්න අපි උපේක්ෂාට කතා කළා. ඇය බොහොම හෘදයාංගම විදියට අපේ කතාබහට එකතු වුණා. කතාබහ අතරේ අපි උපේක්ෂාගේ කලා ජීවිතේ තොරතුරු ටිකකුයි, පුද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුයි විමසන්නත් අමතක කළේ නැහැ.


උපේක්ෂා, ඔබේ නම පාවිච්චි කරලා ඔබේ මාධ්‍ය ‍ලේකම් මූල්‍ය වංචාවක් කළාය කියන චෝදනාව ඇත්තද?

මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට වූ ප්‍රවෘත්තිය සත්‍යයක්. ඇත්තටම එවැනි චෝදනාවක් පුද්ගලයෙකුට එල්ලවී තියෙනවා. ඒත් ඒ පුද්ගලයා මගේ මාධ්‍ය ‍ලේකම් නොවෙයි.

ඒ පුද්ගලයා කවුද?

ඔය කියන තැනැත්තා හා මා අතර ඥාති සම්බන්ධතාවක් තිබෙනවා. ඒත් ඒක ළඟ සම්බන්ධයක් නමෛයි. කාලෙකින් අප හමුවෙලත් නැහැ. මේ පුද්ගලයා හඳුනන කෙනකුට රැකියාවක් අවශ්‍ය බව කියමින් කාලෙකට ඉස්සර මොහු මගෙන් උදව් ඉල්ලා සිටිනවා. ඒ විදියේ උදව්වක් ඉල්ලූවිට මා ඒ උදව්ව කළා. ඒ ලිපිය ප්‍රයෝජනයට අරගෙන තමයි මේ මනුස්සයා මේ වැඩේ කරල තියෙන්නේ.

ඔබට මෙය ආරංචි වුණේ කොහොමද?

‍පොලීසියෙන් තමයි මට දුරකථනයෙන් කතා කරලා මේ ගැන කිව්වෙ. ඒ වෙලාවේ මම පැහැදිලිව ප්‍රකාශ කළා අවශ්‍ය පරීක්ෂණ කරලා ඔහු වරදකරු බව ඔප්පු කරලා නිසි නීතිමය පියවර ගන්න කියලා. ඒ විතරක් නමෛයි ඔහු පදිංචි තැනත් මම ‍පොලීසියට දන්වා සිටියා.

මොකක්ද උපේක්ෂා මේ සිද්ධිය ගැන දරන මතය?

මම රටේ නීතියට ගරු කරන කෙනෙක්. මගේ අම්මා තාත්තා හෝ නීති විරෝධී ක්‍රියාවක් කළා නම් දඬුවම් ලැබිය යුතුයි කියන තැනයි මම ඉන්නේ.

අදාළ පුද්ගලයා පවසා තිබෙනවා නේද ඔහු ඔබේ තාත්තා බව?

ඒක සම්පූර්ණ බොරු කතාවක්. ඥාති සම්බන්ධයක් තිබුණත් කාලෙක ඉඳන් අපි ළඟින් ඇසුරු කරලාවත් නැහැ.

ඔහු ඔබේ දේශපාලන කටයුතුවලට සහය දීලා තියෙනවද?

නැහැ.

මේ සිදුවීමෙන් ඔබේ කීර්ති  නාමයට කැළලක් වීම ගැන මොකද හිතෙන්නේ?

දේශපාලන චරිතවලට මේ වගේ දේවල් සිදුවනවා. තමන් යම් යම් ප්‍රබල දේශපාලනඥයන් ළඟින් ඇසුරු කරන බව කියමින් නොයෙක් අයථා ක්‍රියා කළ අය ගැන පුවත් වාර්තා වී තිබෙනවා. මට දුක මේ මනුස්සයට රැවටිලා තමන්ගේ අතේ තිබුණු මුදල නැති කරගත් අය ගැනයි. ඇයි මිනිස්සු මේ තරම් මෝඩ වෙන්නෙ. කාට වුණත් කියන්න පුළුවනි ‘මම අහවල් දේශපාලනඥයාගේ ‍ලේකම්’ කියලා. ඒසේ කියූ පමණින් ඇයි රැවටෙන්නේ. මේ ලිපිය කියවන පාඨක පිරිසෙන් මම ඉල්ලා සිටිනවා මින් පසුවවත් මෙවැනි දේට රැවටෙන්න එපා කියලා. ඒ වගේම මෙවැනි වංචනිකයින් ගැන දැනගන්න ලැබුණහම වහාම ‍පොලීසියට දන්වන ලෙස මා ඉල්ලා සිටිනවා.

උපේක්ෂාගෙ කලා දිවිය ගැන කතා කළොත්?

මා රඟපෑ “සිහින විලක්” ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වනවා. “සින්ඩ්‍රැල්ලා” චිත්‍රපටය ළඟදීම තිරගත වේවි. තව නිර්මාණ කිහිපයකුත් ඉදිරියේදී ප්‍රේක්ෂකයින් අතරට ඒවි.

“සිහින විලක්” හා “සින්ඩ්‍රැල්ලා” හි ඔබේ පෙම්වතා වූ අකලංක ගනේගම ළඟදීම විවාහ වනවාලු නේද?

ඔව්. මම ඒ ගැන සතුටුයි. මොකද කියනවා නම් අකලංක මගේ හොඳ යාළුවෙක්. ඉතින් ඔහුගේ ජීවිතේ අලුත් ඇරඹුමට මමත් සතුටු වෙනවා.

ඒ විවාහ උත්සවයට අනිවාර්යයෙන්ම උපේක්ෂාට ආරාධනා කරන බව අකලංක ‘රිද්ම’ට පැවසුවා.

එදාට මම ලංකාවේ හිටියොත්, විශේෂ දේශපාලන කටයුත්තක් නොතිබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ විවාහ උත්සවයට සහභාගි වනවා.

අකලංක හා ඔබ පෙම්වතුන් බවට රාවයක් පසුගිය කාලෙ පැතිර ගියා...?

අපි දෙන්නා එක දිගට නිර්මාණ කිහිපයකම පෙම්වතුන් විදියට රඟපෑවා. ඒ කාලයේ තමයි මගෙ විවාහය බිඳී යාමත් සිදුවුණේ. ඒකයි ඒ විදියේ කතාවක් පැතිරිලා ගියේ.

ඔබේ නම විකුණලා යම් අය වංචනික කටයුතු කරනවා. නළුවන්ගේ නම් ඈඳලා ඔබට කට කතා පැතිරෙනවා. ආදරය හා රැකවරණය දෙන කෙනෙක් ළංකර ගත්තා නම් මේ වගෙ දේවල් වෙන්නේ නැහැ නේද?

සමහර වෙලාවට මටත් ඔය විදියට හිතෙනවා. තවත් සමහර වෙලාවට විවාහය ගැන හිතද්දි ලොකු කලකිරීමක් හිතට එනවා. දැනට මං ඉන්නේ ඔය සිතුවිලි අතර දෝලනය වෙමිනුයි. මේ හිත හැදිලා විවාහ විය යුතුයි කියා හිතුණොත් සුදුසු කෙනෙකු ලැබුණොත් මමත් විවාහ වේවි.


 
biz.