Showing posts with label Tutorials. Show all posts
Showing posts with label Tutorials. Show all posts

Friday, April 11, 2014

Install Softwares & Games in Chines Phones

චයිනීස් ෆෝන් වල‍‍ට ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන්න

                   

ඔන්න යාලුවනේ අද ගෙනාවෙත් ඔයාලට වට්නා ලිපියක්.චයිනීස් ෆෝන් වල‍‍ට ජාවා ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් දාන්න බෑ කියලා අපි හැමෝම දන්නවනේ..ඒකට විසදුමක් තමා මම අද ඉදිරිපත් කරන්න යන්නේ... චයිනීස් ෆෝන් වල‍‍ට වර්ග 2ක ගේම්ස් සහ සොෆ්ට්වෙයාර්ස් වැඩ කරනවා.. ඒ .nes සහ .mrp කියන වර්ග 2. .nes ගැන ඔයාල දැනටම දන්නවා ඇති.මොකද ගොඩක් අය දන්නවා ඒවා දාන විදිහ. හොදයි එතකොට .nes ගැන ගොඩක් අය දන්නවා නම් .mrp ගැන කියන්නේ මොන එහෙකටද කියලා ඔයාල බලනවා ඇති.හේතුව තමා .nes ගේම්ස් ගොඩක් චයිනීස් ෆෝන්ස් වලට වැඩ නෑ.ඒත් .mrp ගේම්ස් ගොඩක් ඒවට වැඩ.ඉතින් .nesවැඩ නෑ කියලා අඩ අඩ ඉන්න ඕන නෑ... දැන්මම ඔයාගේ ෆෝන් එක අරන් *#220807# ගහන්න.මොනවම හරි ප්‍රතිචාරයක් ලැබුනොත් ඔන්න වැඩේ හරි.ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා වගේ ප්‍රතිචාරයක් තමා ලැබෙන්නේ... හරි දැන් එහෙම ප්‍රතිචාරයක් ලැබෙනවා නම්වැඩේට බහිමු.
මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න 
                 Click Here to Download

හරි දැන් ඒක අන්සිප් කරගන්න. ඊලගට ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ mythroad කියලා ෆෝල්ඩර් එකක් හදන්න. දැන් අර අන්සිප් කරගත්ත එකේ තිබ්බ dsm_gm.mrp කියන ෆයිල් එක ඔයාගේ ෆෝන් එකේ මෙමරි කාඩ් එකේ අර හදපු mythroad ෆෝල්ඩර් එක ඇතුලට දාන්න.. දැන් ඉතින් ඔන්න වැඩේ හරි... දැන් මේ වෙබ් සයිට් එකට ගිහින් හොද හොද .mrp applications ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න

                Click Here to Download

ඔන්න ඔය ඩවුන්ලෝඩ් කරගත්ත ඒවත් අර mythroad ෆෝල්ඩර් එක ඇතුලටම දාන්න... දැන් ආපහු *#220807# ගහන්න... ඔන්න එතකොට එයි App List කියලා මෙනු එකක්.ඒකේ ඇති ඔයා ඩවුන්ලෝඩ් කරපු ගේම්ස් එහෙම...දැන් ඉතින් open කරලා play කරන්න... ඔන්න එහෙනම් වැඩේ හරි නේ... අපිත් ගියා සදා ජය​

Monday, April 7, 2014

පරිගණකය AUTO SHUTDOWN හෝ RESTART කරමු. [SHUTDOWN OR RESTART YOUR COMPUTER AUTOMATICALLY]



අපිට අවශ්‍ය වෙලාවට computer එක auto shutdown හෝ restart කරන්න පුළුවන් විදිහක් තමා අද කියන්න යන්නේ. Software භාවිතා කරලත් මේ වැඩේ කරන්න පුලුවන්, ඒත් මම අද කියන දේ කරන්න software මුකුත් install කරන්න ඕන නෑ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො...

මුලින්ම run එක open කරලා එකේ 'shutdown -i' කියල type කරලා ok කරන්න.



Run එකෙන් නැතිව cmd එකෙන් කරනවනම් 'shutdown.exe -i'  කියල type කරලා enter කරන්න.


ඔය දෙකෙන් මොන එක කරත් අන්තිමේට 'Remote Shutdown Dialog' කියල window එකක් තමා open වෙන්නේ.


Add කියන තැනට ගිහින් තමන්ගේ computer එකේ නම දෙන්න.පරිගණක කිහිපයක් ජාලගත කරලා තියනවනම් Add කියන තැනට ගිහින් shutdown හෝ restart කිරීමට අවශ්‍ය පරිගණකයේ නම දෙන්න.පරිගණකයේ නම දන්නේ නැත්තම් 'My Computer' එකේ 'Properties' යන්න. ගියාම 'Computer Name' කියන තැනින් බලාගන්න.


ඔතන 'server-com' කියල තියෙන්නේ මගේ computer එකේ නම. ඔයාල ඕගොල්ලන්ගේ එකේ තියන නම දෙන්න. Computer Name එක හරියටම දෙන්න ඕන නැත්තම් මේක වැඩ කරන්නේ නෑ.computer එකේ නම දුන්නට පස්සේ ඔතනින් computer එක shutdown කරන්න ඕනෙද නැත්තම් restart කරන්න ඕනෙද කියල select කර ගන්න.


'Warn users of the action' කියන තැන tick එල දාලම තියන්න. Tick එක දැම්මේ නැත්තම් ඕක fill කරලා ඉවර වෙලා ok කරපු ගමන්ම computer එක restart හෝ shutdown වෙයි.

'Display warning for' කියන තැනට computer එක on එකේ තියන්න ඕන වෙලාව දෙන්න.


'Shutdown Event Tracker' එක වෙනස් කරන්න එපා. තියන විදිහටම 'Other(Planned)' කියලම තියන්න.

'Comment' කියන තැනට display වෙන්න ඕන message එක type කරලා ok කරන්න.

දැන් වැඩේ හරි. අන්තිමේට මේ වගේ window එකක් තම තියෙන්නේ.

 වැඩේ හරිනේ. ප්‍රශ්න තියනවනම් පහළින් comment එකක් දාන්න.


 වැඩේ හරිනේ. ප්‍රශ්න තියනවනම් පහළින් comment එකක් දාන්න.

Saturday, February 8, 2014

What a Password Cracking.?

                          මොකක්ද මේ Password Cracking?


 ඔන්න යලුවනේ මම ඔයාලට ගෝඩක් කාලේකින්නේ ඔන්න මම ගේනවා පෝඩි ලිපි කැල්ලක් ඔයාලා එක කියවලාම ඉන්කෝ.මෝකද වැඩි කතා බහක් හෝද නැතිලු. ඔක්කොටම කලින් password එකක් හොයාගන්න කරන සාමාන්‍යයෙන් යොදාගන්නා ප්‍රාථමිකම මට්ටමේ ක්‍රම විධි පිලිබඳ සලකා බලමු.

1. Social Engineering:

තමා තුල තබා ඇති විශ්වාෂය ප්‍රයෝජනයට ගනිමින් (හෝ විශ්වාසයක් ගොඩනගා ගනිමින්) password ලබා ගැනීම මෙසේ හදුන්වයි.

2. Shoulder surfing:

මෙහිදී කරන්නෙ password එක type කරන අවස්ථාවක එය නිරීක්ශනය කර එය ලබාගැනීමයි.

3. Guessing:

දුර්වල password එකක් යොදා ඇති අවස්ථාවක එය ඉතා පහසුවෙන් නිශ්චය කිරීම මින් අදහස්වේ.
දැන් මං මුලින්ම කතා කරන්නෙ Dictionary Attack එක ගැනයි.

Dictionary Attack:

මේකෙදි වෙන්නෙ dictionary එකේ (ඒ කියන්නෙ එදිනෙදා භාවිත වෙන වචන) සියලුම වචන ගලපල password එක crack කරන එකයි. (A dictionary attack is when a text file full of commonly used passwords, or a list of every word from the dictionary is used against a password database.)
හැබැයි මේ ක්‍රමයෙන් strong password එකකට නම් බලපෑමක් ඇති වෙන්නෙ නෑ. කොහොමද හොඳ ආරක්ශිත password එකක් (strong password එකක්) හදාගන්නෙ කියල දන්නෙ නැති අයට මං ඒ ගැන පස්සෙ post එකක් දාන්නම්. මේක බලපාන්නෙ, සාමාන්‍ය එදිනෙදා වචන තම password එක හැටියට තියාගන්න අයටයි.

මේ ක්‍රමය, ඒ කියන්නෙ dictionary attack එකක් වඩා සාර්ථක කරගන්න ක්‍රම දෙකක් තියෙනව.

පලමු ක්‍රමය වන්නේ ඉතා හොඳ දත්ත විශාල ප්‍රමාණයකින් යුක්ත dictionary එකක් භාවිතා කිරීම. එහමත් නැති නම් dictionary කිහිපයක් භාවිත කිරීම. විශේෂයෙන්ම විවිධ භාෂා වලින් යුක්ත dictionary කිහිපයක් භවිතා කල හැකියි.

දෙවෙනි ක්‍රමය වන්නේ මෙම ක්‍රමය සමගම සම වචනය සමගම ඊට නිතර භාවිත වන අනිකුත් අකුරු සංඛ්‍යා සහ සංකේත ගලපමින් සහ එය යෙදිය හැකි විවිධ ආකාර වලින් යොදා බලමින් උත්සාහ කිරීමයි.
උදාහරණයක් විදිහට කියනවනම් password එක "password" යැයි සලකා බලන අවස්ථාවේ ඊට, pAssw0rd, drowssap, Password වැනි යෙදිය හැකි සියලු ආකාරවලින්ද ගලපා බැලීමයි.
මේකත් ටිකක් වෙලා යන වැඩක්...

ඊලඟට Rainbow Tables ගැන කතා කරමු..



Rainbow Tables:

Rainbow Table එකක් කියන්නෙ සියලුම අකුරු, සංඛ්‍යා හා සියලු සංකේත ගැලපිය හැකි සියලු ආකාරයට ගලපමින් සකසා ගත්තු list එකක්(ඇත්තෙන්ම කියනව නම් hash values list එකක්.).
(A Rainbow table is a huge pre-computed list of hash values for every possible combination of characters.)











Password hash කියල අපි හදුන්වන්නෙ mathematical algorithm එකකක් මගින් හදුනාගත නොහැකි රටාවකට පරිවර්තනය කරගත් password එකකටයි. A hash is a one way encryption. ඒ කියන්නෙ hash එකක් නැවත orginal string එක බවට පරිවර්ථනය කල නොහැකියි.
Database එකක ආරක්ෂාකාරීව password store කරන්න හුඟක්ම භාවිත කරන hashing algorithm එක වන්නේ MD5ය.

මෙහිදී අපි එවැනි website එකකට register වෙන අවස්ථාවක අපි enter කරන password එක MD5 Algorithm එක හරහා එන hash value එක තමයි database එකේ store කරන්නෙ.

උදාහරනයක් විදිහට මම password එක විදිහට "hello" කියල enter කලහම MD5 algorithm එක හරහා database එකේ store කරන password එක "fea0f1f6fede90bd0a925b4194deac11" වැන්නකි. ඉතින් මෙවැනි යෙදිය හැකි සියලුම ආකාරයෙ hash values සහිත Rainbow table එකක් Brute force attack එකකට වඩා පහසුවෙන් password එකක් crack කරගැනීම සඳහා යොදා ගත හැක.
                                                                                                                                උපුටා ගැනිම්ක්..

Tuesday, February 4, 2014

How To Use Adf.ly Full Page Script and Website Entry Script.?

adf.ly වල Full Page Script සහ Website Entry Script භාවිතා කරන ආකාරය  


ඔයාලා හැමොම දන්නවානේ adf.ly ගැන.. දන්නේ නැති අය ඉන්නවා නම් දැන ගන්නපෙකෙන් පුලුවන් ඔයලගෙ ලින්ක් කෙටි කරගන්න. එ වගේම තමා ඒ කෙටි කරගත්තු ලින්ක් එක ඔයලාගේ යාලුවො බලනවාට ඔයාට ගෙවනවා.. අද මම කියන්නෙ නම් එ ගැන නෙමෙයි. දන්නෙ නැති අය ඉදියොත් දැන ගන්න තමා කෙටි විස්තරයක් කලේ.. අද මම කියන්නේ adf.ly එකෙන් ලැබෙන ඉපැයිම් වැඩිකරගන්න ක්‍රමයක්.. ඔයාට වෙබ් එකක් හරි බ්ලොග් එකක් හරි තියෙනවා නම් මෙක ඔයාටත් වැදගත් වෙයි..

Website Entry Script
මෙ ක්‍රමයෙන් ඔයාගේ ඉපැයිම් වැඩිකරගන්න පුලුවන් ඉක්මනින්ම හොද ට්‍රැෆික් එකක් තියෙනවා නම්..

කොහොමද මෙක වෙන්නේ..?
ඔයාගේ වෙබ්/බ්ලොග් එකට Visitor කෙනෙක් ආවහම එයාව adf.l ඇඩ් එකකට එකවරක් හරවා යවනවා..(පැය 24ක් තුල කිපාරක් යැවිය යුතුද කියලා අවශ්‍ය නම් සකස් කරගන්න පුලුවන්.) මෙ script එක ගන්න නම් ඔයාගෙ එකවුන්ට් එකට ලොග් වෙලා Tools ගිහින් Website Entry Script ගිහින් ලබා ගන්න..

සටහන: හැබැයි ඔයා neobux,clixsense වගේ ඇඩ් ක්ලික් කරන සයිට් එකක ඔයගේ වෙබ්/බ්ලොග් එක පළ කරලා තියෙනවා නම් මෙක කරන්න අවසර නැ හොදේ...

Full Page Script
මෙ script එකෙන් වෙන්නෙ ඔයාගේ වෙබ්/බ්ලොග් තියෙන සියලුම ලින්ක් adf.ly ලින්ක් බවට පරිවර්තනය කරන එක. එ වගෙම තමා මෙකෙන් සියලුම පෙජ් ලින්ක් adf.ly ලින්ක් බවට පරිවර්තනය කරනවා. මෙ script එකත් ඔයාගෙ එකවුන්ට් එකෙ Tools ගිහින් Full Page Script ගිහින් ලබා ගන්න...

කොහොමද මේ Scripts Web/Blogger ට ඇතුල් කරන්නේ.?
Blogger සදහා..
01. මුලින්ම Blogger dashboard එකට යන්න.
02. අවශ්‍ය බ්ලොගට තරා ගන්න. 03. දැන් Layout වලට ගිහින් add Gadget හි ක්ලික් කරන්න.
04. මතු වු වින්ඩොවෙන් HTML/JavaScript හි ක්ලික් කරන්න
05. දැන් ඔයගේ adf.ly script paste කරලා ok කරන්න. (Script දෙකම එක gadget එකකට යෙදිය හැක.)

වෙබ් අඩවි සදහා
01. script එක < head > සහ < /head >
අතරට යොදන්න..

          ලියාපදිංචි විම සදහා  ක්ලික් කරන්න..

Register To Click Here

ලිපිය ප්‍රයොජනවත් උනා නම් Like එකක් දාලා Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ..

යාලූවන්ටත් බලා ගන්න Share පාරක් දාන්න..

ගැටලුවක් තියෙනවා නම් එකත් Comment කරන්න.. එහෙනම් අයෙත් ලිපියකින් හමු වෙනකල් සුබ දවසක්.. ස්තුතියි..  bye

Friday, January 10, 2014

C# sinhala Lesson 2

                      C# සිංහල පාඩම් මාලාව ( 2 කොටස )

ආයුබෝවන් අපි සමග රැදී සිටිට හැමෝටම. C# සිංහල පාඩම් මාලාවේ පලමු පාඩමත් එක්කම වගේ දෙවන කොටසත් දෙන්නෙ තාම අපි කතාකරන්නෙ C# වල මූලික කරුණු නිසායි.
හොදයි අද අපි දෙවන පාඩමින් Microsoft Visual Studio 2013 වල අතුරු මුහුණතේ ( Interface ) ඇති දෑ ගැන දැනගමු. මෙය ඉතා වැදගත් වනු ඇත. මන් මෙහි මූලිකව වැදගත් වන සියල්ලෙහි Interface හා ඒ එකිනෙකින් වන දෑ කෙටියෙන් විස්තර කර ඇත. මෙහි ඇති රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක. 
Microsoft Visual Studio 2013 ඔබේ පරිගනකයට Install කර ගත් පසු open කිරීමේදී ඔබට දිස් වන්නේ මේ ආකාරයටයි. පළමු විවෘත කිරීමේදී නම් ඔබට Theme එකක් තෝරා ගැනීමට එනව. ඉතින් ඔබ කැමති එකක් තෝරන්න. 

ඉන් පසු ඔබට දිස් වන්නෙ පහල තිබෙන ප්‍රධාන Interface එකයි. මෙයින් ඔබට අලුත් Project එකක් ආරම්භ කිරීමට, Projectඑකක් Open කර ගැනීමට හැක. එමෙන්ම ඔබ කලින් කල Project ද මෙහි දිස්වේ. රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක


ඔබ මෙයින් New Project යන්න තෝරන්න. එවිට ලැබෙන්නේ පහත ආකාරයෙ Dialog Box එකකි.






රූපයේ ආකාරයට ඔබට වම් පස පැනලයෙන් Visual C# යන්න මූලිකව තෝරා  එයින් Windows යන්න තෝරා ගත හැක. ඉන් පසු මැද ඇති පැනලයෙන් Windows Form Application යන්න තෝරා Name ඉදිරියෙන් ඔබ සාදන Project එකේ නම ලබා දී එය Save වීමට අවශ්‍ය තැන Location ඉදිරියෙන් ලබා දිය යුතුය. මේ සදහා Brows Button එක යොදා ගත හැක. මෙම සැකසුම් නිවැරදිව සිදුකිරීම අනිවාර්ය වේ. එම සැකසුම් වලට පසුව OK කල යුතුය. ඉන් පසුව ලැබෙන්නේ පහත ආකාරයේ Main Interface එකකි.


මෙහි ඇති වැදගත් දෑ මන් විස්තර කර ඇති බැවින් රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක. මෙම මූලික දෑ ඔබට ප්‍රමාණවත්වනු ඇත.
Toolbar එකේ වැදගත් දේ මන් පහලින් දක්වා ඇති බැවින් රූප මත Click කිරීමෙන් විශාල කර බැලිය හැක.
මන් මෙම දෙවන පාඩමින් ඔබට ඉදිරිපත් කලේ Program ලිවීමට ප්‍රථමයෙන් ඔබ දැන ගත යුතු මෙන්ම ඔබගේ ඇසට හුරු කර ගත යුතු විශේෂ දෑය. අපි තුන් වන පාඩමින් C# වල මූලික සංකල්ප ගැන සාකච්ඡා කරමු. කියවන අයට ගොඩක් කම්මැලි ඇති. ඒත් මූලික දේවල් නැතුව ඉස්සරහට ගියොත් අමාරු වෙනව තේරුම් ගන්න. ඒ නිසා අපි මේ මූලික දේවල් ඉක්මනට ඉවර කරල ගොඩක් ආස හිතෙන දේවල් වලට යමු. අද පාඩම කෙටි උනාට මේ අත්තිවාරම නැතුව ඉදිරියට යන්න බෑ. ඉතින් අපි ඊලග පාඩමින් හමුවෙමු.  ගැටලු තියනවනම් අපට ඉදිරිපත් කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Friday, January 3, 2014

Destop Background To Change Abstract Line Wallpaper Make

       

        Destop Background එකට ලස්සන Abstract ලයින් එකක්..


හරි ඉතින් කෝහෝමද.? ඹයාලට.සුබ දවසක් කියලා ඹන් වැඩේට බහිමුකෝ....! :D.හරි මන් අද කියලා දේන්න යන්නේ ඹයාලට කෝහෝමද කියලා ලස්සන Abstract  Line Wallpaper  එකක් හදා ගන්නේ .මට එක ඹයාලට මේ Post එකේ ලියලා කියලා දේන්න බැ.මෝකද මම Busy එක හින්දා මට හිතුනා Video එකකින් කියලා දේන්න.වැඩි කථා බහක් නැතුව ඹයලා ඹය යට තියේන Video එක බලලා ඉමුකෝ.(ඹය Video එකේ Preview Thumbnail වේලා තියේන්නේ මුල හරියේ.නැත්නම් සමහරු බලනේකක් නැ කියාලා මට කියන්න හිතුනේ ඹයාලා එක බලනේකක් නැ කියලයි.)


.
හරි මම හිතනවා ඹයාලා Video එක බලන්න ඇති කියලා. බැලුවනම් ඹයාලට අස හිතේන්න ඇති නේ.?.ඒ තරමටම ඒ Video එක Maxxa මම මේච්චර කාලේකට කරපු හෝද Tutorials එකක් කියලා.එහේනම් මම ගිහින් එන්නම්.
මට හිතෙන්නෙ අනිවාර්යෙන්ම මේකත් ඔයාලට වැදගත් වෙයි.ඔයාලත් කරලා බලලා හොඳ නරක කමෙන්ට් එකකින් දාන්න. මට හෙල්ප් එකක් විදියට කැමති අය මගේ බ්ලොග් එකේ Members ලා වෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් හොඳම දෙයක් එක්ක සෙට් වෙමු.Video එකටත් Like එකකුයි Subscribers පාරකුයි දාන්න හෝදේ.

 
biz.