නදීෂා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් දකුණේ ජන්දයට..

ආන්දෝලනාත්මක පුවත් මවන චරිතයක් වන ටෙලිනාට්‍යය නිලි නදීෂා හේමමාලි දකුණු පළාත් සභාවෙන් ජන්දය ඉල්ලීමට තීරණය කොට ඇත.දේශපාලනයට පිවිසීමට කලක් තිස්සේ ඇය පෙරුම්පුරා ඇතිඅතර කාලයක් පුරා විවිධ දේශපාලඥයන් සමග සිදුකල සාකච්චා වලින් අනතුරුව ඇය සිය දේශපාලන ගමන ඇරඹීම සඳහා එක්සත් ජාතික පක්ෂය තෝරාගෙන ඇත.ඇයගේ යෙහෙලියක් විසින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මාධ්‍යය හසුරන කිහිපදෙනෙකු සමග ඇතිකරගත් සම්බන්ධතා වලින් අනතුරුව ඇය මෙසේ එක්සත් ජාතික පක්ෂයට එකතු වී ඇත.පසුගියදා නදීෂා සහ ඇයගේ යෙහෙළිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා හමුවී ඇතිඅතර එහිදී ඇයගේ දේශපාලන ගමනේ ආරම්භය නිල වශයෙන් සනිටුහන් කොට ඇත. එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවත් ප්‍රතිපත්ති දේශපාලනයක නියැලෙන බවත් ඇය එහිදී පවසා ඇත.දකුණු පළාත් සභා මැතිවරණයට සන්ධානය නියෝජනය කරමින් අනර්කලි ආකර්ෂා ද තරඟ වදින අතර ගාල්ලේ මනාපය අඩු හෙයින් මෙවර මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.
උපුටා ගැනිම:-Bokka
Unknown
Author & Editor
Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.
0 comments:
Post a Comment