Friday, April 11, 2014

Microsoft Company Idea in World Computer 3%2-1 Danger.!


Microsoft සමාගමේ තීරණයෙන් ලෝකයේ පරිගණකවලින් තුනෙන් එකක් අනතුරේ!


 Microsoft සමාගමේ තීරණයෙන් ලෝකයේ පරිගණකවලින් තුනෙන් එකක් අනතුරේ! වසර 12කට පසු Windows XP මෙහෙයුම් පද්ධතිය (operating system) සම්බන්ධ සියලු සහයක නතර කිරීමට Microsoft සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, ලබන අඟහරුවාදා සිට Windows XP තාක්ෂණික වශයෙන් යල් පැන ගිය මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකීමට Microsoft පියවර ගනු ඇත.
තාක්ෂණික විශේෂඥයින් අනතුරු අඟවනුයේ, අඟහරුවාදා සිට ලොව පරිගණකවලින් තුනෙන් එකක් වෛරසයන්ට සහ සයිබර් ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානමක් පවතින බව ය.
ලබන අඟහරුවාදා සිට මෙම මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර නොකරන අතර එහි ආරක්ෂණ යාවත්කාලීන කිරීම් (security updates), දෝෂ නිරාකරණය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග (hot fixes), තාක්ෂණික යාවත්කාලීන කිරීම් (online technical content updates) හෝ සියලු ම තාක්ෂණික සහයයන් ලබා දීම පමණක් අත්හිටුවනු ඇත.
මෙම ක්‍රියාමාර්ගය ත් සමග මේ වන විට Windows XP භාවිත කරන පරිගණකවල පවතින දෝෂ නිරාකරණය නොවී පවතිනු ඇත.
යුරෝපා සයිබර් අපරාධ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, Windows XP සහිත පරිගණයකින් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වුවහොත් එම පරිගණක සයිබර් ප්‍රහාරකයන්ට ලෙහෙසියෙන් ම ගොදුරු වීමේ අවදානමක් පවතින බව ය.
මේ අතර, ලොව පුරා ඇති ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් 95%ක පමණ Windows XP භාවිත වන බව ද අනාවරණය වී තිබේ.

Unknown

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment

 
biz.